Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

‘Dilscoop’ ‘dikscoop’ වෙලා ඇහිලා

“දිල්ස්කුප් පහර ඉගනගත්තේ ඩිල්ෂාන්ගෙන්” දකුණු අප්‍රිකාවේ පරාජිත මානසිකත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ජයග්‍රාහී මානසිකත්වයකට ගෙන ඒමට මුලිකත්වය ගත් නිරෝෂන් දික්වැල්ල සමග පැවැත්වූ සාකච්චාවකදී දික්වැල්ල ඔහුගේ ක්‍රිකට් දිවිය පිලිබදව විශේෂ කරුනු කිහිපයක් හෙළි කර ඇත.

“දකුණු අප්‍රිකාව වගේ කණ්ඩායමක් එක්ක තරගාවලියකදී තරගයේ වීරයා වගේම තරගාවලියේ වීරයා වෙන එක ලේසි නෑ,මම ගොඩක් සතුටු වෙනවා ඒ අවස්තාව ලැබුන එක ගැන,

දකුණු අප්‍රිකා සංචාරය පිළිබද එලෙස අදහස් දැක්වූ දික්වැල්ල කණ්ඩායමේ තම ස්ථානය ස්තාවරදැයි අසු විට,“එක තරගාවලියක් හොදට කල පමණින් මගේ තැන ස්ථාවර වෙන්නේ නෑ,මාස 6ක් අව්රුද්දක වගේ හැම තරගයක්ම හොදට කලොත් මගේ තැන ස්ථාවර වෙයි.”

ඔහු එල්ල කරන දිල්ස්කූප් පහර පිලිබදව අදහස් දක්වමින්“මම දිල්ස්කූප් ඉගනගත්තේ ඩිල්ෂාන් පහර එල්ල කරනවා බලන් ඉදල,මට ඇහිලා තියනවා මගේ නමේ මුල් අකුරු දාල Dickscoop කියල සමහර අය කියනවා,ඒත් ඩිල්ෂාන් තමයි ඒක හොදටම ගහන්නේ,

එක්දින තරග වල ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පැමිණියද ඔහු ටෙස්ට් තරග වල යොදා ගත්තේ මැදපෙළ පිතිකරුවෙකු ලෙසය,ඒ පිලිබදව අදහස් දැක්වූ දික්වැල්ල,”ගොඩක් වෙලාවට ටෙස්ට් තරග වල කඩුලු රැකීම එක්ක මට පස්සේ බැට් කරන්න වෙන්නේ,හැබැයි තේරීම් කමිටුව කිව්වොත් මට කඩුලු රකින්න විදියට ඉනිම අරබනන කියල මම ගොඩක් කැමැත්තෙන් ඉන්නවා එකට,”

දකුණු අප්‍රිකා තරග සංචාරයට දික්වැල්ල සමග එකට NCC කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිපයක්ම ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්ය,

“ඇත්තටම අපේ NCC දැන් ගොඩක් ප්‍රබල කණ්ඩායමක්,එක්දින සංචිතයේ මම,චන්දි,ලහිරු,චතුරංග,සඳුන්,උපුල් NCC නියෝජනය කරන ක්‍රීඩකයෝ,දැන් ජාතික පිලම NCC වගේ.”

දික්වැල්ල තම පුහුණු කරුවන් සිහිපත් කලේ,

” ඇත්තටම ගොඩක් පුහුණු කරුවෝ හිටියා,බර්නාඩ් පෙරේරා,හැරල්ඩ් ජයසිංහ වගේ අය ගොඩක් උදවු කළා,මම මේ වෙලාවේ මතක් කරනවා මට මේ තැනට එන්න ගොඩක්ම දායක වුන පුහුණු කරුවා තමයි සම්පත් පෙරේරා.”

ඔහුගේ අපේක්ෂා සහ ක්‍රිකට් පිටියේ ඔහු ගරු කරන චරිත පිලිබදව දික්වැල්ල දැක්වුවේ මෙවැනි අදහසකි,

“මට අවශ්‍යයි,ටෙස්ට් එක්දින වගේම T 20 තරග වලත් එක විදියට දක්ෂතා දක්වන්න,මගේ ඉලක්කය තමයි,කවදාක හරි, ලෝකයේම හොදම කඩුලු රකින පිතිකරුවා වෙන්න,සංගක්කාර තමයි මම අදහන ක්‍රිකට් ක්‍රීඩකයා,මෙතෙක් මම මුහුණ දීපු අපහසුම පන්දු යවන්නා තමයි ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින්.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 3 =

To Top