Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

රට වටේ කතා මවපු 2016 විවාහක රූ රැජින තරඟය ගැන රහසක් එළියට එයි

ගිය අවුරුද්දේ මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් යුනිවස් තරඟය හැම තැනම කතා වෙන නිසා එය සංවිධානය කළ මලිත් රණසිංහගෙන් ඒ ගැන ඇහුවා.

මලිත් රණසිංහ මේ දවස්වල මොනවද කරන වැඩ ?

2017 මිස් ශ්‍රී ලංකා පැජන්ට් එක. ඉතිං එකේ මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් ටුවරිසම් වර්ල්ඩ් විදියට සබීතා රුවන්මාලි තේරුණා. මිසිස් ශ්‍රී ලංකා විදියට ත්‍රිකලා ධරණි තේරී පත්වුනා.

පැජන්ට් කරන්න කලින් මොකද කළේ.

මුල්කාලයේ මම එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් 2014 දී තමයි පැජන්ට් කරන්න පටන් ගත්තේ. ඒ දවස්වල පොඩි පොඩි පැජන්ට් කළා. 2016 දී තමයි ලොකු වැඩකට අත ගැහුව්වේ. ඒ මිසිස් ශ්‍රී ලංකා පැජන්ට් එක. ඊට පස්සේ 2017 දීත් අතිසාර්ථකව ඒ පැජන්ට් එක පැවැත්වූවා.

ඉතිං මේ වැඩ ගැන ඉගෙන ගත්තද ?

මම මේ සම්බන්ධව ඒ කියන්නේ පැෂන් ගැන එංගලන්තයේ ඉගෙන ගත්තා. එකේ ප්‍රථිපලයක් විදියට නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් වුණා.

ලස්සනයි සල්ලියි තියෙනවනම් පැජන්ට් දිනන්න පුළුවන් කියලා කතාවක් තියෙනවනේ ?

එකට හොඳම උදාහරණය තමයි මිස් ශ්‍රී ලංකා 2017 පැජන්ට් එක. නරඹන්නෝ 400 කට වඩා පිරිසක් ඇවිත් හිටියා. හැමෝම හිතපු කෙනා තමයි අන්තිමට දිනුවේ. සල්ලිවලට කරනවා නම් එහෙම වෙන්නේ නෑනේ. ඉතිං ආපු හැමෝම කිව්වේ ලංකාවේ කිසිම කෙනෙකුට ඇදීමක් කරපු නැති පළමුවැනි වතාවට දැකපු පැජන්ට් එක කියලා. මිනිසුන්ට ඉතිං මොනාද කියන්න බැරි.

මලිත්ව ගොඩක් කතා බහට ලක්වුණේ 2016 විවාහක රූ රැජින තරගෙන් නේද ?

අනිවාර්යයෙන්ම. 2016 දී මම ජාතික අධ්‍යක්‍ෂකවරයෙක් විදියට කරපු ඒ මිසිස් යුනිවර්ස් පැජන්ට් එකෙන් තමයි මලිත් කියන පුද්ගලයාව ගොඩක් අය දැනගත්තේ. එකෙන් පස්සේ මං ගැන ගොඩක් අය හොයන්න පටන් ගත්තා.

කොච්චර වැඩ කළත් හොදක් නෑ නේද ?

ඒක තමයි ලංකාවේ ස්වභාවය. ඒක දැනගෙන තමයි මම වැඩ කරන්නේ. හොඳ කරපුවම බැනුම් අහන්න බලාගෙන ඉන්න ඕනි. මම හින්දා කවුරුහරි නමක් දිනාගෙන හොඳ තැනක ඉන්නවනම් මම සතුටු වෙනවා. ඔය දෝෂාරෝපණය කරන ගොඩක් අය තමන්ගේ වැරැද්ද වහගන්න තමයි එහෙම කරන්නේ.

විවාහක රූ රැජිනට ලෝක තරඟෙට යන්න බැරි වුණේ මලිත් හින්ද කියල කතාවක් යනවා නේද ?

මම මොකටද අකමැති වෙන්නේ මම සල්ලි වියදම් කරලා කරපු පැජන්ට් එකේ දිනපු කෙනාව ඉන්ටර්නැෂනල් යවන්න. එතැන වුණේ වෙන දෙයක්. පාස්පෝර්ට් ඉල්ලලා බලන්න. ඒ තරගේ තිබුනේ චීනයේ. අපි දෙන්නටම විසා වැදිලා තිබුනේ යන්න. අදාල කෙනාට යන්න අවස්ථාව ඕනි හැටියේ තිබුණා. හැබැයි එයාගේ පෞද්ගලික හේතුවක් ගෙනල්ලා යන්නැතිව නැවතුණා. මේ හින්ද ලංකාවට ඒ අවස්ථාව නැතිවෙච්ච එකයි වුණේ. එහෙම ගියා නම් හොඳ අවස්ථාවක් ලැබෙන්න තිබුණා. මොකක්ද වුණේ කියලා හෘද සාක්‍ෂිය දන්නවා. කාට බොරු කිව්වත් එකට බොරු කරන්න බෑ.

එහෙම තියෙත්දි මඩ ගහන එක වැරදියි නේද ?

මඩ ගහන එක වැරදියි. එයාගේ පැත්තෙන් හරි. මොකද එය මට බෝලේ පාස් කළේ නැත්නම් මිනිස්සු එයාට දොස් කියන්නේ ? මොකද වෙන කෙනෙකුට තිබිච්ච අවස්ථාවනේ නැති කළේ. වුණේ මොකක්ද කියලා මම දන්නවා. ඒ වගේම එයත් දන්නවා. එයාට යන්න බැරිවෙච්ච පෞද්ගලික හේතුවත් මම දන්නවා. එත් මම කාගෙවත් පෞද්ගලිකත්වය කියන්න තරම් පහත් පුද්ගලයෙක් නෙවෙයි.

සල්ලි නිසා මේ දේවල් මෙහෙම වුණා කියලා කියලත් කතාවක් පැතිරෙනවා ?

හෙම චෝදනා කරා කියන්න මට බෑ. මොකද මම එයාගෙන් අද වෙනකන් රුපියලක්වත් ඉල්ලන් නෑ. එය මට දීලත් නෑ. පැජන්ට් එකක් සල්ලිවලට දිනවන්න මට බෑ. විනිශ්චය මණ්ඩලයේ 07 දෙනෙක් ඉනන්වා.තනි කෙනෙකුට ඕනි විදියට සල්ලිවලට තරඟ දිනවන්න බෑ.

හැමෝම බණින මලිත් හින්දා ගොඩගිය අය ගැනත් කියමුකෝ ?

මම නිසා ගොඩ ගිය අයගේ නම් කියන්න මම කැමති නැහැ. කියන්න දෙයක් නෑ හැමෝම දන්නවනේ ඒක. ඉතිං එයාලගේ නම් කියලා මම නිසා තමයි එයා එතැන ඉන්නේ කියලා මට කියන්න වුවමනා නෑ.

මෙච්චර දේවල් කරලත් පැජන්ට් ගැන දොස් කියන අය වැඩි වෙලා නේද ?

අනිවාර්යයෙන්ම ඉන්නවා දොස් කියන අය. පසුගිය අවුරුදුවල නෙවෙයි ඉදිරියටත් දොස් කියයි. දොස් කියන්නේ හොඳ දෙයක් කරපුවම. වැඩකට නැති දෙයක් කලොත් කවුරුත් කතා කරන්නේ නෑ. ඉතිං දොස් කියන අයට මම අභියෝග කරනවා පුළුවන් නම් මට වඩා හොඳ වැඩක් කරන්න කියලා.

සිනමා නිළියෝ අරන් වැඩ කරලා පාඩමක් ඉගෙන ගත්තද ?

නෑ මෙහෙමයි. නිළියෝ කියන අය නෙවෙයි ප්‍රශ්නේ. මිනිසුන්ගේ හැසිරීම් ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හින්දා නිළියන්ට වරද පටවන්න කැමති නැහැ. අපි හැමෝම ගරු කරන චරිත ඉන්නවා. නිළියන් ඕනෑම කෙනෙකුට තරගෙට එන්න අයිතියක් තියෙනවා. එකට තරාතිරම බලපාන්නේ නෑ. මේ පාර 2017 මිස් ශ්‍රී ලංකා තරගේ තුන්වැනි ස්ථානය දිනුවේ දිලිනි පෙරේරා. එයත් ඉතිං නිළියක් නේ. මගේ කාටවත් විශේෂත්වයක් නැහැ.

ජනයුගය – 2017.08.12

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top