Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

දික්වැල්ලේ නිවසකින් මතුවුණේ උල්කාපාතයේ කොටසක් ද?

dikwella

ආකාශ වස්තුවක කොටසක් බවට සැකකෙරෙන ද්‍රව්‍යයක් දික්වැල්ල වලස්ගල ඇල්ලකපුගේ වත්ත ප‍්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

නිවසක වහලය මත තිබි මෙම ද්‍රව්‍ය හමුවී ඇති අතර නිවැසියන් කළ දැනුම් දීමකට අනුව පොලිසිය ද අද (21) පෙරවරුවේ අදාළ නිවසට ගොස් මෙම ද්‍රව්‍ය පරීක්ෂා කර තිබෙනවා.

එය අඟල් එකහමාර  – එකහමාර ප‍්‍රමාණයේ කළු පැහැති  පාෂාණ වැනි යමක් බවයි  පැවසෙන්නේ.

ඉකුත් 18 වනදා ආගන්තුක එළියක් නිරීක්ෂණය වූ අවස්ථාවේ සිය නිවසේ වහලය මතට කිසියම් ද්‍රව්‍යයක් වැටෙනු ශ‍්‍රවණය වූ බව අදාළ නිවැසියන් කියා සිටියා. හමුවූ

සැක සහිත ද්‍රව්‍ය ඉදිරි පරීක්ෂණ සඳහා පර්යේෂණ ආයතන වෙත භාර දීමට නියමිතව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × three =

To Top