Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

කුසින් වැදූ සිගිත්තිය ගෙල සිරකර මරාදාපු මවට සහ අනියම් සැමියාට ඉරණම් ගමනට තීන්දුව ලැබෙයි

murder

මාස තුනක් වයසැති තම කුසින් වැදූ දරු සිහිත්තියකගේ ගෙල සිරකර ඝාතනය කර සිරුර නිවස පිටුපස වළ දැමූ සිද්ධියේ සැකකරුවන් වූ දැරියගේ මව හා ඇගේ අනියම් ස්වාමිපුරුෂයාට හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජා මහතා විසින් ඉකුත් 31දා මරණ නියම කරන ලදී.

මෙසේ මරණ දඩුවම නියම වූයේ හාල්දඩුවන පුංචි ළිද පාරේ පිහිටි උළු මෝලක විසූ කප්පරාවාරීලාගේ උපුල් රංජිත් කුමාර (40) සහ ඔහුගේ අනියම් බිරිය වූ සීතා බේරී (35) නමැති දෙදෙනාටය.

මෙම නඩුවේ විශේෂ සිද්ධිය වූයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විත්තිකාරිය ඇප මත මුදාහැර තිබුණත් ඇයට ඇප දීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසා ඇය සිරගත වූ වසර 13 කාලය තුළ රක්ෂිත බන්ධනාගාරයේ පසුවීම සහ විත්තිකාර ඇගේ අනියම් සැමියා ඇප තැන්පත් කිරීම නිසා මුදාහැර සිටීමයි. අනතුරුව ඔහු අනතුරකට ලක්ව ආබාධිත තත්ත්වයට පත්ව සිටියේය.

2005 අප්‍රේල් මස 6 වන දින හෝ ඊට ආසන්න දිනකදී හලාවත මහාධිකරණ බලසීමාවේ කොස්වත්ත හාල්දඩුවනදී මාස තුනක් වයසැති ඊශ්වරලාගේ කෞශල්‍යා නමැති දරු සිගිත්තියගේ මරණය සිදු කිරීමේ චෝදනාව මත විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

 

ජනයුගය – 02.06.2017

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + 12 =

To Top