Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

හැටන් නගරයේ රෑට රෑට සිද්ධ වෙන ලොකු වැඩක් මාට්ටු

හැටන් නගරයේ සුපිරි වෙළදසැලකට ඇතුලූ වි එහි ආරක්‍ෂිත යකඩ දොර කපා එම වෙළදසැල තුල තිබු මුදල් සහ ජංගම දුරකථන කාඩි පත් සොරා ගත් සැකකරුවෙකු එම සුපිරි වෙළදසැලේ සවිකර තිබු සි.සි.ටිවි දර්ශන ඔස්සේ පරික්‍ෂණ ආරමිභ කළ හැටන් පොලිසියේ නිළධාරින් එම සැකකරුව ඊයේ (15.08) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවලප්ිටිය ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකරු හැටන් ඇතුලූ ප‍්‍රධාන නගර කිහිපයකම වෙළදසැල් කඩා භාණ්ඩ සොරකමි කිරිමේ සිද්ධිය සමිබන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත සිටින සැකකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් දෙපාර්තෙමින්තුව මගින් අපරාධකරුවෙකු වශයෙන් නමි කර ඇති මෙම සැකකරු ඉකුත් (14.08) වනදා අලූයම 1.00 ට පමණ හැටන් නගරයේ සුපිරි වෙළදසැල කඩා එහි භාණ්ඩ රැගෙන යන දර්ශන එම සි.සි.ටිවි කැමරා පද්ධතියේ දත්ත ගබඩාවේ සටහන් වි තිබුණා.

එක්දරු පියෙක් වන මෙම සැකකරු වරින් වර පදිංචි ස්ථානය වෙනස් කර සිටින අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

එම වෙළදසැලෙන් සොරා ගන්නා ලද මුදල් සහ ජංගම දුරකථන කාඩි පත් කිහිපයක් පොලිසිය විසින් දැනට සොයා ගෙන තිබෙනවා.

හැටන් පොලිසියේ නිළධාරින් මෙම සැකකරු නාවලපිටිය ප‍්‍රදේශයේ සැරිසරන බවට ලද තොරතුරක් මත නාවලපිටිය ප‍්‍රදේශයේ රැදි සිටිමින් මෙම සැකකරුව දැඩි පරිශ‍්‍රමයක් දරා ඊයේ (15.08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ඔහුට එරෙහිව හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කිහිපයකට මග හැර සිටිම නිසා වරෙන්තු මත සිටින අයෙකු බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු අද (16.08) හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව හැටන් මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක ඒ.එන්.එමි ජමිල් මහතා පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 20 =

To Top