Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Tech

වාහනේ ධාවනය කරද්දි නින්ද යන රියදුරන්ව නැගිට්ටවන්න මෙන්න භාණ්ඩේ

steer

රාත්‍රි කාලයේ රිය පදවන රියැදුරන්ට නින්ද යන අවස්ථා අනන්තයි.

පොඩි නින්දක් හොදටම ඇති ලොකු විනාශයක් සිද්ධ වෙන්න.

ඉතිං ඒ පොඩි නින්ද නැති කරන්න තාක්ෂණය උපයෝගී කරගෙන සමාගමක් උපකරණයක් නිර්මාණය කරලා තියෙනවා.

මේ උපකරණය නම් කරලා තියෙන්නේ Steer කියලා.

උපකරණයක් කිව්වට මේක අතට පළදින අත්පළදනාවක්.

තමන්ගේ අතේ මැණික් කටුව ප්‍රදේශයේ අත් ඔරලෝසුවක් විදිහට මේක පළදින්න පුළුවන්.

ඒ විදිහට Steer පැළදගත්තාම තමන්ගේ නිද්‍රාශීලී මට්ටම ගැන අවධානයෙන් ඉන්න මේ උපකරණයට පුළුවන්.

ඒ වගේම ඔයා නින්දට වැටීමේ අවධානමක් තියෙනවා නම් මේ උපකරණය වහාම ඔයාගේ ශරීරයට විද්‍යුත් කම්පනයක් ලබාදෙනවා.

ඒ විද්‍යුත් කම්පනයෙන් ක්ෂණියකින් පියවි සිහිය ලැබෙනවා.

මේ උපාංගයේ සංවේදකයන් 16ක් අන්තර්ගත කරලා තියෙනවා.

Steer උපාංගය පැළද සිටින රියැදුරාගේ හෘද ස්පන්දනය වගේම චර්ම සන්නයනතාවය මැන බලනවා.

කෙනෙක් ඇත්ත කතාකරනවාද නැද්ද කියලා බැලීම නිර්ණය කරන්න පාවිච්චි කරන පොලිග්‍රාෆ් යන්ත්‍රයක භාවිතා වෙන්නේ ද මේ යාන්ත්‍රණයයි.


 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top