Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

මෙව්වා දැක්කම දවසකට 8ක් මැරෙනවා කියන එක පුදුමයක් නෙමෙයි

Train Accident

ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු නිසා දවසකට පුද්ගලයින් අටදෙනකු (08) මරණයට පත්වන බවත් එය කනගාටුදායක තත්ත්වයක් බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පහුගිය දවසක ප්‍රකාශ කළා.

අපි මේ කියන්න වගේම පෙන්වන්න හදන සිදුවීම් දැක්කම ඇත්ත වශයෙන්ම තේරුම් යනවා ඒ සමීක්ෂණය හරියටම හරි කියලා.

මීට දවස් දෙකකට කලින් දෙමටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේම තියෙන දුම්රිය හරස් මාර්ගයේදී සිද්ධ වුන සිදුවීමක් තමයි මේ කියන්න යන්නේ. දුම්රියක් මරදාන දුම්රිය ස්ථානයේ සිට දෙමටගොඩ දෙසට ධාවනය වනවා. ඉතිං එවැනි තත්ත්වයකදී අපේ රටේ මොළේ වැඩිපුර තියෙන රියදුරන් දුම්රිය මාර්ගයට තමන්ගේ රථ වාහනය ඇතුළු කරගෙන හිටපු අවස්ථාවක් තමයි මේ.
සාමාන්‍ය දැනීමක් තියෙන කෙනෙකු කිසිම මොහොතක ඉදිරියෙන් රථ වාහන තදබදයක් තියෙනවා දැක්කා නම් අනිවාර්යයෙන්ම දුම්රිය මාර්ගයකට රථ වාහනයක් ඇතුළු කරන්නේ නැහැ.
ඒත් මේ රියදුරු මහත්වරුන්ගේ සාමාන්‍ය දැනීම ගැන ඔබටම දැනගන්න පුළුවන්….

ඊළගට අප කියන්න සූදානම් වන්නේ ඊයේ (27) සිදුවුන අපරීක්ෂාකාරි රිය ධාවනයෙන් සිදුවුන අනතුර ගැනයි.

පානදුර ප්‍රදේශයේදී තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ.

බලන්නකෝ මේ මෝටර් රථය ධාවනය කරන රියදුරාගේ දක්ෂතාවය… හරිම අපූරුයි…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =

To Top