Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

මම අකමැති වුණා – ලොකු සහායක් ලැබෙනවා

Aruni Mendis

* දෙවැනි ඉනිම නිසා වැඩිපුර බැණුම් අහනවා කියන්නෙ ඇත්තද?
ඔව්. ඇත්තටම බැණුම් අහනවා. ප්‍රේක්ෂකයන් හරිම බුද්ධිමත්. මොකද ඔවුන් කියන්නේ ඔයා හරිම දුෂ්ටයි කියලා. එහෙම කියලා ඔවුන් කියන්නේ ඔයා ඒ චරිතය හොඳට කරන නිසයි අපට තරහ යන්නේ කියලා. ඒ ලැබෙන ප්‍රතිචාර හරිම ආදරණීයයි. මට විතරක් ‍නෙවෙයි අපේ දෙවැනි ඉනිමෙ කණ්ඩායමට ඒ උණුසුම ලැබෙනවා.

* මොනවද මේ දවස්වල වැඩ කටයුතු?
දෙවැනි ඉනිමේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා තමයි ඉන්නේ.

* ක්ෂේත්‍රයට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
පියාගේ මිත්‍රයෙක් වන ගාමිණී ජයසේකර මහත්මයා හරහායි මම රංගනයට එකතු වෙන්නේ. ඔහුගේ ගෙදර තිබුණු පුංචි සාදයකදී සුදත් රෝහණ මහත්මයාට මාව හඳුන්වලා දෙනවා ‘මේ අපේ කෙල්ලෙක්. මෙයාවත් ගන්නකො වැඩකට’ කියලා. සුදත් රෝහණ ඊට පසු සති දෙකකට පස්සෙ තිර පරීක්ෂණයට කතා කළා. ඒකෙන් සමත්වෙලා ස්වයංජාත ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.

* රංගනයට එකතුවෙලා කොච්චර කාලයක් වෙනවද?
2009 වර්ෂයේ තමයි මම රංගනයට සම්බන්ධ වුණේ.

* ගෙදරින් කැමැති වුණාද?
මුලින්ම මම උසස් පෙළට කලා විෂය තෝරගන්නවාට කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් පස්සෙ ඔවුන් කැමති වුණා මම රංගනය තෝරගන්නවාට.

* ‍පොඩි කා‍ලේ ඉඳන්ම රංගනයට එකතු වෙන්න කැමැත්තෙන්ද හිටියේ?
මම ගොඩක් නර්තනයට තමයි නැඹුරුවෙලා හිටියේ. ඊට අමතරව පෙරදිග තූර්යවාදක කණ්ඩායමේ නායිකාව ලෙස හිටියා. පාස‍ලේ වේදිකාවට සම්බන්ධ වුණා. පාසල් යන කාලයේ ඉඳන් කලාවට තමයි කැමැත්තෙන් හිටියේ.

* නිවේදිකාවක් වෙන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
ඒක අහම්බයකින් වුණු දෙයක්. මගේ අම්මා රේණුකා බාලසූරියට කැමති නිසා නිතරම ඇය ලොතරැයි වැඩසටහන් බලනවා. ඔය කාලෙදි ජාතික ලොතරැයි මණ්ඩලයට නිවේදක නිවේදිකාවන් ගන්නවා කියලා දැන්වීමක් දාලා තිබුණා. අම්මගේ වුවමනාවට තමයි නිවේදනයට අයැදුම් කරන්නේ. මම අකමැති වුණා. ඒත් අම්මගේ වුවමනාවට සම්මුඛ පරීක්ෂණයට ගිහින් තේරිලා තමයි නිවේදනයට අවස්ථාව ලැබෙන්නේ.

* රංගනයට වැඩි කාලයක් යොදවන නිසා නිවේදනය මගහැරිලාද?
රංගනය, නිවේදනය යන ක්ෂේත්‍ර දෙකේම මම ගොඩක් කාර්යබහුල කෙනෙක් ‍නෙවෙයි. ලැබෙන දෙයක් කරලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක්. මම පාඩුවේ හෙමිහිට ගමනක් යන්න කැමැති කෙනෙක්.

* නිර්මාණ තෝරා බේරා ගැනීමක් කරනවාද?
නිර්මාණ ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා. ලැබෙන පිටපත් හෝ චරිතය ගැන මට තෘප්තියක් දැනෙනවා නම් මම භාරගන්නවා. අද හොඳ නිර්මාණ බිහිවෙන්නේ අතළොස්සයි. ආරාධනා ලැබෙන නිර්මාණවලට මට හානියක් නොවෙනවා නම් මම සහභාගි වෙනවා.

* ඔබට වෙන් වූ සීමාවන් තියෙනවාද?
එහෙම සීමාවන් දාගෙන නැහැ.
ලොකු සහායක් ලැබෙනවා. ඒ නිසා තමයි මට නිදහසේ වැඩ ටික කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ.

* තවම තනිකඩව ඉන්නේ පෙම්වතෙක් නැද්ද?
තවම තනිකඩයි. ආදරය දැනෙන්නේ නැතුව ‍නෙවෙයි. මමත් ඉතින් පෙම්වතියක්.

තිළිණි කරුණාරත්න

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 + 13 =

To Top