Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

ගුරුසිංහ ලාහෝර් යන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කියපු කතාව

asanka gurusinghe

ලාහෝර්හි පැවැත්වෙන තරගය ඇතුළුව පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සදහා ඉහළම තලයේ සිටින ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් යැවීම පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ කරමින් සිටින බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු, ඒ පිළිබදව මේ වන විට ක්‍රීඩකයින් සමග සාකච්ඡා සිදුකරන බව සදහන් කර සිටියේය.

ලාහෝර් හි පැවැත්වීමට නියමිත අවසන් විස්සයි විස්ස තරගය වෙනත් ස්ථානයක පවත්වන මෙන් කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 40දෙනකුගෙන් අත්සනින් යුතු ලිපියක් ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතාට ලබාදුන් නමුත්, පාකිස්ථානයට ගොස් තරග කිරීම පිළිබදව වූ තීරණය වෙනස් කිරීමට ක්‍රිකට් බලධාරීහු ක්‍රියා නොකළහ.

එම ලිපියට අත්සන් යෙදූ ක්‍රීඩකයින් අතරට විස්සයි විස්ස නායක උපුල් තරංගද ඇතුළත්ව සිටීම නිසා කුසල් ජනිත්ගේ නායකත්වයෙන් යුතු වූ කණ්ඩායමක් විස්සයි විස්ස තරගාවලිය සදහා නම් කිරීම පිළිබදව ක්‍රිකට් විධායකයේ අවධානය යොමු වී තිබේ. කෙසේ වෙතත් ලාහෝර්හිදී එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ සිටින කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනකු කැමැත්ත පළ කර තිබේ.

“ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සමග කතා කරමින් සිටිනවා. කොහොමත් අපි පාකිස්ථානය තුළ ඉන්නේ පැය 24කටත් වඩා අඩු කාලයක්. අපි ගුවනින් ගිහින් තරගයට සහභාගිවෙලා ආපසු ගුවනින් පැමිණෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ලාහෝර් යන එක ගැන ක්‍රීඩකයෝ නැවතත් සලකා බලාවි කියලා. මම හිතනවා ඔවුන් ඒ සදහා එකගතාව පළ කරාවි කියලා” යැයි ගුරුසිංහ පැවැසීය.

“එහෙම නොවුණොත් කවුරුත් කිව්වේ නැහැ යන්නෙ නෑ කියලා. සමහර අය කැමැතියි යන්න. කොහොම වුණත් මෙය අමාරු තත්ත්වයක්. පුළුවන් තරම් ඉක්මනට මේ ගැන තීරණයක් අරන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා” යැයිද කළමනාකාරවරයා වැඩිදුරටටත් පැවැසීය.

1996 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තරග කිරීම ප්‍රතික්ෂේප කර සිටියදී මිත්‍රත්ව තරගයකට සහභාගිවීම සදහා පාකිස්ථානු කණ්ඩායම කිසිදු පැකිළීමකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණියේය. ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග මිශ්‍රව පැවැති එම තරගයෙන් කඩුළු 4ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය පාකිස්ථාන ඒකාබද්ධ කණ්ඩායම සමත් විය.

ජනයුගය 2017.10.18

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top