Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

මව් කිරි දී ඉතිහාසගත වූ අම්මා

breastfeed

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුරදී තම දරුවාට මව්කිරි දුන් පළමු මන්ත්‍රීවරිය ලෙස සෙනෙට් සභික ලරිස්සා වෝටර්ස් ඉතිහාසගත වුණා.

මාස දෙකක් වයසැති තම දියණියට, ඇය මව්කිරි පොවමින් සිටියේ පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් සිදුවෙමින් පැවති අවස්ථාවකදී යි.

සෙනෙට් සභික ලරිස්සා වෝටර්ස් ඕස්ට්‍රේලියාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන හරිත පක්‍ෂය නියෝජනය කරන්නියක් වනවා.

පසුගිය වසරේ පටන්, පාර්ලිමේන්තු සභා ගර්භය තුළ තම දරුවන්ට මව්කිරි දීම සඳහා ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරියන්ට නීතියෙන් අවසර ලැබී තිබුනත් මේ දක්වා කිසිවෙකු එය ක්‍රියාවට නංවා තිබුනේ නැහැ.

ඒ සඳහා නව නීති සම්පාදනය වූයේ 2015 වසරේ දී ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීමකින් අනතුරුවයි.

රාජකාරි කටයුතු අතපසුවීම වළක්වා ගැනීම සඳහා තම දරුවාට අවශ්‍ය මව්කිරි දොවාතබා පාර්ලිමේන්තුවට පැමිණීම සළකා බලනමෙන් එවකට මන්ත්‍රීවරියක වූ කෙලී ඕඩ්වයර් ගෙන් ඉල්ලීමක් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − twelve =

To Top