Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Tech

ඔන්න නැගලා යන්න පුළුවන් සුපිරි Drone එකක් ඇවිත්

ඉස්සර කාලේ හෙන කට්ටක් දීලා කරපු වැඩ දැන් සරලව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ තාක්ෂණය නිසා.

ඒ හින්දා තමා Drone යානා වලින් අහසේ සිට පොළොවේ වෙන ඕනෑම දෙයක් සරලව රූගත කරන්නේ.

Drone කිව්වම දැන් පුංචි ළමයි පවා දන්නා නිසා ඒ ගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ.

ඔන්න Drone යානා සංකල්පය තවත් පියවරක් ඉදිරියට තියමින් Passenger Drone ඇවිත්.

මොකක්ද මේ Passenger Drone කියන්නේ.

හරි හරි ඉවසන්නකෝ කියනකන්…

Passenger Drone කියන්නේ පොඩි ගුවන් යානයක් කිව්වත් හරි. මොකද මේකෙන් වෙන්නෙත් මඟී ප්‍රවාහන සේවයක්. ඉදිරිපස අසුනේ එක් අයෙකුට සහ පිටුපසු අසුනේ එක් අයෙකුට ගමන් කළ හැකි මේ Passenger Drone මාර්ග තදබයදයට නම් කියාපු විසඳුම. හැබැයි ඊටපස්සේ අහසේ ට්‍රැෆික් තියෙයිද දන්නේ නෑ නේ…හම්මෝ ඉතින් නේ…..

හරි මේ Passenger Drone ස්වයංක්‍රියව තමා වැඩ කරන්නේ. නමුත් ඉදිරිපස ඉන්න කෙනාට මෙය පාලනය කරන්නත් පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඔයාට යන්න ඕන තැන Select කරන එක. ඊටපස්සේ ඔයාට අවශ්‍ය කරන තැනට ආරක්ෂිතව රැගෙන යාමේ හැකියාව මේ Drone එකට තියෙනවා.

පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් මෙයට පියාසර කිරීමේ හැකියාව පවතිනවා. කිලෝ මීටර් 30ක දුරක් මෙයට පියාසර කරන්නත් පුළුවන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top