Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

කුඩුවෙන්න බීලා Honeymoon එක අතරතුර බ්‍රිතන්‍ය ජෝඩුවක් තංගල්ලේ හෝටලයක් මිලදී ගනී

බ්‍රිතාන්‍ය ජාතික මාර්ක් ලී (Mark Lee) සහ ගීනා ලියොන්ස් (Gina Lyons) විවාහ වුයේ 2017 වසරේ ජූලී මාසයේදී. විවාහයෙන් පසුව සති තුනක Honeymoon නිවාඩුවක් සඳහා මේ ජෝඩුව තංගල්ලට පැමිණියේ දෙසැම්බර් ක්‍රිස්මස් නිවාඩුවත් සමග.

සුහදශීලී හෝටල් සේවකයන් සමග ඉක්මන්ටම මිතුරුකම ඇතිකරගත් මේ ජෝඩුව ප්‍රථම රාත්‍රියේදීම රම් බෝතල් කිහිපයක් රැගෙන මුහුදු වෙරළේ සෙට් වුනා. පැයක් ගතවන්න ප්‍රථමයෙන් රම් බෝතල් කිහිපයක්ම අවසාන වී තිබුණු අතර වෙරිමතින් හෝටල් සේවකයන්ගේ ප්‍රශ්න සියල්ලටම උත්තර සොයන්න මේ දෙපල නිහතමානී උත්සහයක නිරතව සිටියා. එක් සේවකයෙකු පවසා සිටියේ හෝටලයේ බදු කාලය අවසන් වීමට තව පොඩි කාලයක් පමණක් ඉතිරිව ඇති බවටයි. වීදුරු 12ක් පමණ රම් පානය කල මේ දෙපල තීරණය කලේ ලක්ෂ 75ක් ගෙවා මේ හොටල බද්දට ගැනීමට.

2018 ජූලී 1වෙනිදා සිට මාර්ක් ලී සහ ගීනා ලියෝන්ස් Honeymoon නිවාඩුවට පැමිණ තංගල්ලේ නවාතැන් ගත් හෝටලයේම අයිතිකරුවන් වුවා. දැන් මේ හෝටලය ලකී බීච් තංගල්ල (Lucky Beach Tangalle) නමින් සංචාරකයන්ට තම සේවාවන් සපයනවා.

මේ ගැන මාධ්‍යට අදහස් දැක්වූ ගීනා,

අපි දෙන්නා හෝටලයට ඇවිදගෙන යනකොට දැක්කා ඊට කලින් දින රාත්‍රියේ සිට බීමත්ව සිටින වයසක පිරිසක්. ඉතින් අපිත් එයාලටම සෙට් වුනා.

හෝටලය හරිම ගොඩේ පාටයි. හරිම චීප් පාටයි. හැබැයි හෝටලය පිහිටා තිබුනේ තංගල්ල බීච් එකේ. ලී වලින් හදපු tree house එකකුත් තිබුනා. අපි බීච් එකේ රම් බිව්වා.

අපිට හෝටල් සේවකයන් කිව්වේ මේ හෝටලයේ බදු කාලය අවසන් වෙන්න ළඟ බවයි. ඉතින් අපි ඇහුවා වසරකට කීයද කියලා? එයාලා කිව්වේ ලක්ෂ 25ක් විතරක කියලා. අපේ සල්ලී වලින් £10,000ක්. අවුරුදු 3ටම £30,000 (ලක්ෂ 75ක්) විතර තමයි ගෙවන්න වෙන්නේ. අපි දෙන්නා හොඳටම බීලා හිටියේ. ඉතින් අපි තීරණය කලේ මේ හෝටලය අවුරුදු තුනකට බදු ගන්න.

පසුවදා උදැසනම අපි මේ හෝටලය අයිති වයසක ජෝඩුව හමුවෙන්න ගියේ අපිට මේ හෝටලය බදු ගැනීමට හැකියාවක් තිබෙනවද බලන්න. රාත්‍රියේදී අපිත් එක්ක සෙට් වුනු යාලුවෝ දෙන්නෙකුත් අපි එක්කරගෙන ගියේ වයසක ජෝඩුව කියන දේවල translate කරගන්න. එයාලට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. අවසානය තීරණය කලේ £30,000කට (ලක්ෂ 75) වසර තුනකට මේ හෝටලය බදු ගන්න. පළමු වසරේ £15,000ක් ගෙවන්නත්, 2019 මාර්තු මාසයේදී ඉතුරු £15,000 ගෙවන්න එකඟ වුනා. ඊට අමතරව අපිට ලක්ෂ 15ක් නීති ගාස්තු සහ ලක්ෂ 10ක් අලුත්වැඩියා සඳහා වියදම් කරන්න සිදුවුනා.

මට හිතෙනවා මම මෝඩ අම්මා කෙනෙක් ද කියලා. මම දැන් pregnant. අපේ wedding එකටත් ලොකු ගණනක්‌ ණය වෙලා ඉන්නේ. අපි දෙන්නා එංගලන්තයේ පොඩි අපාර්ට්මන්ට් එකක තමයි ජිවත් වෙන්නේ. මේක තේරෙනකොට අපි පරක්කු වැඩියි. දැන් වතුරට පැනලා ඉවරයි. ඉතින් කොහොම හරි පීනන්න ඕනේ නේ….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 7 =

To Top