Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Tech

වතුර තිබහ තියාගෙන වාහන ධාවනය කරොත් වෙන දෙ මෙන්න, එකට විසඳුමකුත් සොයාගෙන

car driving

මෝටර් රථයක් ධාවනය කරගෙන යෑමේදී රියැදුරු තැන ජලය නොමැතිව විජලනය වන්නේ දැයි දන ගැනීම සඳහා විශේෂිත උපකරණයක් ජපානයේ “නිසාන්” මෝටර් රථ සමාගම තම ‘ජුක්” (juke) නමැති මෝටර් රථ පෙලට හඳුන්වාදී ඇත. මෙම නවතම අධි තාක්‍ෂණික උපකරණය මඟින් රියදුරුගේ ශරීරයෙහි ඇති ස්වේතය (දහදිය) ආශ්‍රිත කරගෙන ඔහු හෝ ඇය ජලය නොමැතිව විජලනයට පත්වන්නේ දැයි දැනගත හැකිය.

මෙම නවතම උපාංගය සොයාගත් පර්යේෂකයන් පවසා සිටින්නේ ශරීරයට ජලය නොලැබී රථවාහන එළවීම රියැදුරකු මද්‍යසාර භාවිතා කර රථයක් එළවීම හා සමාන ක්‍රියාවලියක් බවය. ශරීරයට එසේ අනතුරුදායක තත්ත්වයක් තිබීම හේතුවෙන් රථ වාහන අනතුරුද බොහෝ සෙයින් ඉහළ යන බැව් ඔවුහු පවසා සිටිති. මෙම තත්ත්වය යටතේ හෝරා කිහිපයක් රථය එළවිමේදී එම අදාල රියදුරු විජලනයට පත්වී නොසිටිය යුතුය.

මෙසේ ශරීරයට ජලය නිසි ලෙස නොලැබී විජලනයට පත්වීම හේතුවෙන් නොදැනුවත්වම සිදුවන රථ වාහන අනතුරු සංඛ්‍යාව, මද්‍යසාරය ලබාගෙන රුධිරයෙහි මද්‍යසාර ප්‍රතිශතය 0.08ක ප්‍රමාණයක් තිබෙන පුද්ගලයෙකු සිදුකරන අනතුරුවලට සමාන වන බව මෙම පර්යේෂකයෝ පවසා සිටිති.

මෝටර් රථයට මෙම උපාංගය යෙදීමේදී එහි සුක්කානම සහ අසුන් ගන්නා රියදුරු අසුනට විශේෂ ආලේපනයක් සහිත සංවේදී වැස්මක් යොදනු ලබයි. මේ මඟින් රියදුරුගේ දහදිය පිටවීම ආශ්‍රිත කර ගනිමින් විජලනය පිලිබඳ තක්සේරු කිරීම සිදුකරනු ලබයි. විජලනයට පත්වීමේදී මෙහි වර්ණක සංඥා කහ පැහැයක් ගන්නා අතර, ප්‍රතිජලනයේදී එය නිල් පැහැයට හැරෙයි.

මෙම වර්ණක දත්තයන් මඟින් රියදුරු සිටින තත්ත්වය අවබෝධකරගත හැකි අතර රියදුරුගේ ශරීරයෙන් දහදිය පිටකිරීම ආශ්‍රිතව සිදුකළ මෙම නිර්මාණයට SOAK යැයි නම්කර ඇත. නිසාන් මෝටර් රථ සමාගම ඕලන්දයේ පර්යේෂකයන් පිරිසක් සමඟ එකට එක්ව මෙම නිර්මාණය නිපදවා ඇත.

මෝටර් රථ ධාවනයේදී බොහෝ රියදුරන් තමන්ගේ ශරීරයේ විජලන තත්ත්වයන් පිලිබඳ කිසිඳු අවබෝධයක් නැත. මෙම තත්ත්වය උත්සන්න වන විට රියදුරුට අධික මහන්සිය, කරකැවිල්ල, හිසරුදාව, තොල කට වේලීම වැනි රෝග ලක්ෂණ පහල වෙයි.

එසේම ඒ නිසා මනස හසුරුවීම කෙරෙහිද ප්‍රශ්න ඇති වෙයි. මෙහිදී සිදුවන අනතුරුද වැඩිවනු ඇත. නිසාන් මෝටර් රථ ධාවන අංශයේ වෛද්‍ය උපදේශක, වෛද්‍ය හාජ් චාගර් පවසා සිටින්නේ, මෙම නැව නිර්මාණය නිසා රියදුරන්ගේ ආරක්ෂාව වඩාත් හොඳින් සැලසෙන බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =

To Top