Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

තාත්තා ගේ පත්වීමෙන් පසුව ලැබුණු චතුරිකා සිරිසේන ගේ බාර් ලයිසන් එක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් රට පුරා ක්‍රියාත්මක කරමින් සිටියද ඔහුගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් මත්පැන් බලපත්‍රයක් හිමිකරගෙන ඇයට අයත් හෝටලයේ මත්පැන් විකිණීම සිදුකරමින් සිටින්නීය.

චතුරිකා සිරිසේන මහත්මියට අයත් එම හෝටලය වන්නේ පොළොන්නරුව බැඳිවැව, විසිතුන්වන සැතපුම් කණුවේ පිහිටි “තිදස් අරණ” හෝටලයයි.

සංචාරක මණ්ඩලයේ ඒ ශ්‍රේණියේ අනුමැතිය සහිතව මෙම බලපත්‍රය ලබාගෙන ඇති අතර, එෆ්එල් 11 ටීබී හෙවත් රටබීම 11 සංචාරක මණ්ඩල අනුමැතිය සහිත බලපත්‍රයක් යන්න එහි තේරුමයි.

තිදස් අරණ හෝටලයේ හිමිකාරියද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේනය. සමාගම් ලියාපදිංචිය අනුව එම හෝටලයේ එකම කොටස්
හිමිකාරිය හා එකම අධ්‍යක්ෂවරිය චතුරිකා සිරිසේන මහත්මියයි.

ඇය මෙම හෝටලය සඳහා මත්පැන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ සිය පියා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2015.06.16 දින සිට ක්‍රියාත්මක වන පරිදිය. බලපත්‍ර
හිමිකාරිය වශයෙන් ඇගේ නම සදහන් වන්නේ පල්ලේවත්ත ගමරාලලාගේ දර්ශනි චතුරිකා පල්ලේවත්ත යනුවෙන්ය. එම හෝටලයේ හිමිකාරිය වශයෙන් ඇගේ
නම සඳහන් වන්නේද ඒ ආකාරයටමය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ පුරවැසියෙකු විසින් පසුගිය වසරේ කරන ලද ඉල්ලිමකදී සුරාබදු දෙපාර්තමේන්තුව ලබාදුන් තොරතුරු අනුව එම ලේඛනයේ රටබීම 11 සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත බලපත්‍ර යටතේ අංක 2746හි දැක්වෙන්නේ, පල්ලේවත්ත ගමරාලලාගේ දර්ශනි චතුරිකා පල්ලේවත්ත හෙවත් චතුරිකා සිරිසේන මහත්මියගේ බලපත්‍රයය.

මේ සම්බන්ධයෙන් චතුරිකා සිරිසේන මහත්මියගෙන් අදහස් විමසීම සඳහා ඇගේ තිදස් අරණ හෝටලයට දුරකථන ඇමතුමක් ලබාදී ඇය සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් ඉල්ලූ විට ඇයගේ දුරකථන අංකය ඔවුන් සතුව නොමැති බවත්, ඇය දුරකථන ඇමතුම් හෝටලයට ලබාදුන්නද එහි අංකයක් සඳහන් නොවන බවත් දුරකථන තිරය මත දිස්වන්නේ ප්‍රයිවට් නම්බර් යනුවෙන් බවත් ඒ නිසා ආපසු ඇයට දුරකථන ඇමතුම් ලබාගත නොහැකි බවත් අපගේ ඇමතුමට පිළිතුරු ලබාදුන් අයෙක් පැවසීය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතාට කථාකොට මත්පැන් බලපත්‍රවල සාමාන්‍ය ක්‍රමවේදය ගැන විමසූ විට පැවසුවේ බලපත්‍රයක් ලබාගෙන වසර තුනක කාලයක් යන තෙක් වාර්ෂිකව අලූත් නොකර හෝ එය පවත්වාගෙන යා හැකි බවත් පෙර වසරවලට අදාළ බලපත්‍ර ගාස්තු බලපත්‍රය අලූත් කරන අවස්ථාවේදී ගෙවිය හැකි බවත්ය.

ඉහත සඳහන් තිදස් අරණ හෝටලයට මත්පැන් බලපත්‍රයක් නිකුත් කර ඇති ද යන්න පිළිබඳව ඔහුගෙන් කරන ලද විමසීමේදී ඔහු පැවසුවේ, අදාළ හෝටලයට සංචාරක මණ්ඩල අනුමැතිය සහිත බලපත්‍රයක් ලබාදී ඇති බවත්, එය 2018 වසර සඳහාද අලූත් කර ඇති බවත්ය.

උපුටා ගැනීම: අනිද්දා (ලසන්ත රුහුණගේ)

Images are © Copyrighted by it’s original publisher. Published under public awareness.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + 3 =

To Top