Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Entertainment

ලෝකෙන්ම ටොප් මොඩ්ල් වෙච්ච අපේ චුලක්ෂි (Photos)

chulakshi ranathunga

ලංකාව දැන් දැන් නිරූපණ ක්ෂේත්‍රයේ තුළින් ජයග්‍රහණ පිට පිට ලබන කාලයක් වෙලා. මේ පවත්වන හැම තරගයක් අතරින්ම සුවිශේෂී තරගයක් වන ටොප් මොඩ්ල් තරගයක් ස්පාඤ්ඤයෙදී පැවැත්වුණා.

ඉතින් මේ තරගය දින්න අපේ Top Model කෙනෙක් වෙච්ච චුලක්ෂි රණතුංගගේ ජයග්‍රහණය ගැන අපි මෙහෙම ඇහුවා.

මාස ගණනක කැපවීම අපතේ ගිහින් නෑ නේද ?
නිරූපණ තරගයක් කියන්නේ ගොඩක් මහන්සි වෙන්න ඕන ඉවෙන්ට් එකක්. හැබැයි ඒ ඇතුළේ අද මම ලොකු සතුටක් ලබනවා.

අද පැජන්ට් වැඩි වෙලා කියන චෝදනාව හින්දද මේ ජයග්‍රහණය වැඩිපුර කරළියට නොආවේ?
අද පැජන්ට් ගොඩක් තියෙනවා. ඒ වගේම ඕනෑම කෙනෙකුට යන්නත් පුළුවන්.

ඇතැම් අය කියනවා සල්ලි තිබුණම පැජන්ට් දිනන්න පුළුවන් කියලා?
ඒ ගැන මම දන්නේ නැහැ. මම ගිය පැජන්ට් එකට මිනි පැජන්ට් ගොඩක් තිබුණා. ඒ වගේම රටවල් ගණනක මොඩල්ස්ලා මේ තරගයට ඇවිත් හිටියා.

පසුගිය දවස්වල අන්තර්ජාතික මට්ටමේ Photo shoot එකකට ලෑස්ති වුණා නේද ?
ඔව්. මම ඒ Shoot එක ගැන කතා කරන්න කැමති නෑ.

මොඩ්ලින් හින්දා අලුත් යාළුවෝ හැදෙන්න ඇති ?
මට ඉස්කෝලේ යන කාලේ යාළුවෝ කිහිපදෙනෙක්ම ඉන්නවා. ඒ අය තාමත් මගේ දුක සැප හොයනවා.

නිරූපණ ශිල්පිණියක් විදියට සිරුර ලස්සනට තියාගන්න ලොකු උත්සහයක් ගන්නවා ඇති ?
නිරූපණ ශිල්පිණියක් වෙන්නම ඕනෑ නෑ. කාන්තාවක් වුණාම ලස්සනට ඉන්න ඕනැනේ. ඉතින් මමත් එහෙම සිරුර ගැන සැලකිලිමත් වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 2 =

To Top