Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

කිම් ජොන්ග් ඝාතන සැලසුමක් උතුරු කොරියාව උස්සලා

computer hacker

දකුණු කොරියාව සහ ඇමෙරිකාව එකට එක්ව උතුරු කොරියාවට එරෙහිව සකස් කරනු ලැබූ යුද සැලසුම් රැසක්, උතුරු කොරියානු පරිගණක හකර්වරුන් නොහොත් දත්ත කොල්ලකරුවන් සොරකම් කරගෙන ඇත.

උතුරු කොරියාවට පහරදීමට සැලසුම් කළ අතිශය රහසිගත සැලසුම් මෙන්ම, උතරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඝාතනය කිරීම සඳහා සකස් කළ රහසිගත සැලසුමක්ද මෙසේ හකර්වරුන් සොරකම් කරගෙන ඇත.

දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යංශය මෙම පුවත් හෙළිකළේ යැයි, රී චියෝල් හී නමැති නීති උපදේශකයා පවසා සිටියේය. උතුරු කොරියාවට එරෙහිව අනාගතයේදී සිදු කිරීමට නියමිත අතිශය රහසිගත සැලසුම් කිහිපයක්ම මේ අතර ඇති බැව් පැවසෙයි.

එසේම යුද්ධය මෙහෙයවීමට ප්‍රධාන හමුදා නායකයන් වෙත ලබාදී ඇති උපදෙස් රැසක්ද මෙම රහසිගත ලේඛන අතර වන බව පැවසෙයි. මෙම සොරකම පිළිබඳව ඉහත නීති උපදේශකයා කරුණු හෙළිකර තිබුනද, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය මෙම සොරකම පිළිබඳව නිල වශයෙන් නිසිවක් ප්‍රකාශ කර නොමැත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top