Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

ප්‍රධාන මාධ්‍ය ආයතන 4කට අධිකරණයෙන් නියෝග නිකුත් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අනතුරක් සිදුකරන්නැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තමාට පැවසූ බව සඳහන් කරමින් දූෂණ විරෝධී බළකායේ විධායක අධ්‍යක්‍ෂ නාමල් කුමාර නමැත්තා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මාධ්‍ය ආයතන 04ක ප්‍රධානීන්ට අද (17දා) නියම කළාය.

පොලිස්පතිවරයාගේ නියෝග මත මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව දැනුම් දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

දූෂණ විරෝධී බළකායේ විධායක අධ්‍යක්‍ෂ නාමල් කුමාර නමැත්තා මෙම සිද්ධිය පිළිබඳ පොලිස් කොමිසමට කළ ලිඛිත පැමිණිල්ලකට අනුව පොලිස්පතිවරයා කළ නියෝගයකට අනුව රහස් පොලීසියේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව රංජිත් මුණසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී අයි.යූ.කේ. ලොකුහෙට්ටි මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.

උපුටා ගැනීම: අද

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × five =

To Top