Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

දවසට ලක්ෂ 22,000 බැගින් ලක්ෂ 44,000 ක් ලංකාවට නැතිවෙන ලකුණු

දවසේ පඩියට වැඩකරන එහෙමත් නැත්නම් බිස්නස් කරන අය හොඳට දන්නවා රුපියල් 100 හොයන්න තියෙන අමාරුව. එහෙම අමාරුවෙන් හොයන රුපියල් සියයෙන් පාන් ගෙඩියක් ගත්තත් නොදැනුවත්වම අපි රජයට බදු ගෙවනවා.

රජය වැඩිපුරම බදු එකතුකරන ස්ථානයක් තමයි රේගුව කියන්නේ. 2017 වසරේ වාර්තා වලට අනුව ශ්‍රී ලංකා රේගුව දිනකට රුපියල් ලක්ෂ 22,000 (බිලියන 2.2) පමණ අදායමක් රජයට ලබා දෙනවා. මේ ලැබෙන අදායම රජයේ එක් දිනකට ලැබෙන අදායමෙන් ඉතාමත් සැලකිය යුතු ප්‍රමාණයක්.

අද අන්තර්ජාල මාධ්‍ය වාර්තා කලේ රේගු වෘත්තීය සමිති එකතුව විසින් ඔක්තෝබර් 4 සහ 5 දිනයන්හිදී දියත් කිරීමට නියමිත වැඩ වර්ජනයක් සම්බන්ධයෙන්. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතුව වශයෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ වැටුප් විෂමතාවක් සම්බන්ධයෙන් රජය විසින් දිගින් දිගටම කල් මැරීම සහ ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ සභාපති K L L විජේරත්න මහතාගේ අත්තනෝමතික ක්‍රියා පටිපාටිය බවයි.

4 සහ 5 යන දෙදින ක්‍රියාවට නැංවෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ශ්‍රී ලංකා රජයට ලක්ෂ 44,000 (බිලියන 4.4) ක පමණ මුදලක් අහිම වන බවට වාර්තා වන අතර මෙම අහිමවන මුදල ලබා ගැනීමට රජය විසින් අනිවාර්යයෙන්ම මහජනයාට බර පටවන්නේ පරිප්පු කිලෝවක ,තෙල් ලීටරයක, ගැස් සිලින්ඩරයක මිල ඉහල දැමීමෙන් බව නොරහසක්.

මේ දිනවල සීග්‍රයෙන් ඉහල යන ඩොලරය සඳහා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මගින් පනින රිලවට ඉනිමං බැන්දා වගේ ක්‍රියාවක් සිදු කරන බවට ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා සහ ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ සභාපති K L L විජේරත්න මහතා හට තම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් දැනුවත් කරන ලිපිය පහතින් බලන්න,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =

To Top