Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

නාගයාත් මාත් අතර නෑදෑකමක් තියෙනවා

cv vigneswaran

නාගයාත්, තමාත් අතර නෑදෑකමක් ඇති බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් පවසනවා.

තමාගේ ජීවිතයේ වැදගත්ම දිනයට පෙර නාගයකු තමාගේ නිවෙසට පැමිණ යන බවද ඇමැතිවරයා කියා සිටියා.

යාපනය, පුතූර් අන්නාදාන මණ්ඩපයට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමින් විග්නේශ්වරන් මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ඇමැතිවරයා මෙසේද පැවැසුවා.

මා විභාග ලියන කාලයේදී විභාගයට කලින් සර්පයකු තමාගේ නිවෙසට පැමිණ යනවා. පසුව මම විභාගයට කලින්ම ඒ සර්පයා සෙව්වා. ඒ නාගයා පැමිණ ගිය පසු මා විභාගයෙන් පාස් වන බවට මා හට විශ්වාසයක් ඇති වුණා. නමුත් තවත් එක් විභාගයක් ලිවීමට පෙර නාගයාව සෙව්වා. නමුත් උෟ ආවේ නැහැ. මම දුකින් සිටියා. ඒ කාලයේම මාගේ මව මිය ගියා. ඒ මාසයේ මම නීති විභාගයට පෙනී සිටියේ නැහැ.

මම බදුල්ල අධිකරණයේ විනිසුරු ලෙස කටයුතු කරන අවස්ථාවේ මාගේ නිවෙසට සුදු නාගයෙක් ආවා. එවිට මාගේ නැඟණිය පැවැසුවේ මට ස්ථාන මාරුවක් ලැබෙනු ඇති බවයි. සති දෙකක් යෑමට පෙර කොළඹට ස්ථාන මාරුවක් ලැබුණා. මම මේ කියන්නේ නාගයන් වන්දනා කිරීම හා නාගයන් පිළිබඳ මට ඇති විශ්වාසයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top