Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

ලක්‍ෂ 10 චෙක්‌ එක දුන්නේ ඇලෝසියස්‌ ද කියා මතක නෑ

dayasiri jayasekara

ලැබුණු චෙක්‌පත මාරු කරගත් නමුත් එය අත්සන් කර තිබුණේ අර්ජුන් ඇලෝසියස්‌ ද වෙනත් අයකු ද කියා හෝ චෙක්‌පත දුන්නේ කවුද කියා මතක නැතැයි කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (25 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අර්ජුන් ඇලෝසියස්‌ මහතා සතු සමාගමකින් මන්ත්‍රීවරයකුට රුපියල් ලක්‍ෂ දහයක චෙක්‌පතක්‌ ලබා දී ඇති බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් වූ බව පවසමින් මාධ්‍ය විසින් පළකර තිබූ වාර්තා පිළිබඳ පැහැදිලි කරමින් දයාසිරි ජයසේකර මහතා මෙසේ ද කියා සිටියා.

අර්ජුන් ඇලෝසියස්‌ මහතාත් ඔහුගේ පියාත් අවුරුදු ගණනාවක සිට දන්නා අය. ව්‍යාපාරිකයන් ලෙස අපි ඔවුන්ව ආශ්‍රය කර තිබෙනවා. සෑම ඡන්දයකදීම මේ ව්‍යාපාරිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට උදව් කරනවා. මේ රටේ දේශපාලනය යන්නේ ඒ ආකාරයටයි. ඒ අනුව මේ අය අපටත් උදව්කර තිබෙනවා.

මේ සිද්ධිය වෙද්දී මා කෝප් කමිටුවේ සාමාජිකයෙක්‌ නොවේ. මම කෝප් කමිටුවට පත්වන්නේ 2015 අගෝස්‌තු 17 වැනිදා. එදා සිට මා හැම විටම බැඳුම්කර සිද්ධියේදී අර්ජුන මහේන්ද්‍රන් කළ ක්‍රියාවට විරුද්ධව පෙනී සිටියා.

මේ චෙක්‌පත මගේ නමට ලියූ එකක්‌ නොවේ. මෙය මුදල් චෙක්‌පතක්‌. මට මතකත් නෑ මෙය කවුද දුන්නේ කියලා. අර්ජුන් ඇලෝසියස්‌ හෝ වෙනත් කෙනෙක්‌ අත්සන් කර තිබූ චෙක්‌ එකක්‌ ද කියාත් මතක නෑ.

මා දන්නේ නෑ කුමක්‌ද සිදුව තිබුණේ කියලා. නමුත් මේ චෙක්‌පත මාරුකර ඒ මුදල් එදා පැවති මැතිවරණ ව්‍යාපාරයට අරගෙන තිබෙනවා. මේ වගේම ප්‍රමාණයක්‌ ගත් තව මන්ත්‍රීවරුන් ඉන්නවා. මේ අය ගැන තොරතුරු මා ළඟ තිබෙනවා.

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ තව පිටු තුන් දහසක්‌ තියෙනවා. ඒ පිටු ඉදිරිපත් කරන්න. ඒවා ඇතුළේ අර්ජුන් ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් අයගේ නම් තියෙනවා. අපි ඇලෝසියස්‌ලාගේ සල්ලි අරන් ඒ අය ආරක්‍ෂා කරන්න කටයුතු කළේ නෑ. මේ බැඳුම්කර ගනුදෙනුව ආරක්‍ෂා කරන්න මම පොත් ගැහුවෙත් නෑ. කෝප් කමිටු වාර්තාව නතර කරන්න මම උසාවි ගියේත් නෑ…යෑයි ද හෙතෙම කියා සිටියා.

2015 ජුලි 13 වැනිදා මේක සිද්ධ වුණේ. එවිට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ නොවේ, වයඹ පළාත් ප්‍රධාන ඇමැති. ඡන්දයට නාමයෝජනා භාරදී තිබුණා. 2015 අගෝස්‌තු 17 පාර්ලිමේන්තුවට මම එනවා. මම පාර්ලිමේන්තුවේ හෝ කෝප් එකේ පෙනී සිටියේ අර්ජුන් ඇලෝසියස්‌ට එරෙහිවයි. මේ චෙක්‌ එක දුන්නේ කවුද කියා මතක නෑ. අර්ජුන් ඇලෝසියස්‌ ද වෙනත් අයකු ද එය අත්සන් කර තිබුණේ කියා දන්නේ නෑ. අපි එහි තිබූ මුදල් මාරුකර ගත්තා. අපි දේපළ ලියාගෙන නෑ…ගෙවල් අරගෙන නෑ…යෑයි ද දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + nine =

To Top