Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

දිනන්න ඕන නිසා මහේල අන්තිම තුරුම්පුව වෙච්චි අකිලව දැම්මත් අන්තිම බෝලෙදි ඔක්කොම කනපිට පෙරලෙයි

Mumbai Indians

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි කණ්ඩායම සහ දිල්ලි කණ්ඩායම අතර උණුසුම් තරගයක් ඊයේ රාත්‍රීයේ මුම්බායේ වන්කඩේ ක්‍රීඩාපිටියේදී පැවැත් වුණා.

මේ තරගයේදී කෙසේ හෝ ජය ලබාගැනීමේ අරමුණින් මුම්බායි පිලේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා සමග සාකච්ජාකොට දගපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කණ්ඩායමට කැදවනු ලැබුවා.

කෙසේ වුවත් මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව මුම්බායි කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව පිටියට පැමිණි මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී සිටියදී ලකුණු 194ක් රුස්කර ගත්තා.

එහිදී අකිල ධනංජයට පන්දු 5කදී නොදැවී ලබාගත හැකි වූයේ ලකුණු 4ක් පමණයි.

අනතුරුව පිටියට පැමිණි දිල්ලි කණ්ඩායම ලකුණු 194ක් ලබාසිටියදී 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී තමන්ට අවශ්‍යව තිබූ එක් ලකුණ ලබාගනිමින් ජය වාර්තා කළා.


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top