Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

අපිට මිසයිල ගැහුවොත් උ. කොරියාව ඉවරයි – ට්‍රම්ප් තර්ජනය කරයි

donald trump and north korea

පැසිෆික් ප්‍රදේශයේ ගුවාම්හි පිහිටි ඇමෙරිකානු කඳවුර ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කරන බවට උතුරු කොරියානු නායකයා තර්ජනය කිරීමට ප්‍රතිචාර දක්වමින් පෙන්ටගනය ප්‍රකාශ කරන්නේ එසේ කළහොත් එය පියෝන්යාන් රෙජීමයේ අවසානය වන බවත් රටේ මහජනතාවගේ විනාශයද වනු ඇති බවත්ය.

උතුරු කොරියාවේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාවේ ආරක්ෂක ලේකම් ජිම් මැතිව්ස්ය. ඕනෑම අවි තරඟයකදී හෝ ගැටුමකදී උතුරු කොරියාවට පරාජය උරුම වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කිවේය.

උතුරු කොරියානු රජයේ KCNA ප්‍රවෘත්ති සේවය ඔස්සේ කතා කළ එරට මහජන හමුදාවේ ප්‍රකාශකයා කියා සිටියේ ඕනෑම මොහොතක ගුවාම්හි පිහිටි කඳවුරට ප්‍රහාර එල්ල කිරීමට තම නායකයා තීරණය කර ඇති බවය.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ එවැනි සිද්ධියක් සිදුවුවහොත් උතුරු කොරියාවට රුදුරු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

හ්වෑන්ග්සෝන් – 12 රොකට් 4 ක් ජපානයට උඩින් ගමන් කර ගුවාම්වලට කිලෝමීටර් 30 ක් මෑතට වැටීමට සැලසුම් කර නායක කිම් ජෝන් උන්ගේ අනුමැතිය ලැබෙන තුරු සීරුවෙන් තබා ඇතැයි උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කරයි.

මේ අතර තම භූමි ප්‍රදේශයට ඉහළින් ගමන් කරන මිසයිලයක් වෙඩි තබා බිම හෙලීමේ හැකියාවක් ජපානයට නැතැයි විද්වත්හු කියති. කෙසේ වෙතත් මේ මිසයිල ජපානයට එල්ල වන බාහිර තර්ජනයක් ලෙස අර්ථ කථනය කළ හැකි නම් ඒවා වෙඩි තබා බිම හෙළිය හැකි යැයි ජපාන ආරක්ෂක ඇමැති ඉට්සුනොර් ඔනෙඩෙරා පහළ මන්ත්‍රී මණ්ඩලය හමුවේ කියා සිටියේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top