Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

සන්නස්ගල උපන්දිනය සමරා වැඩ කටයුතු සීමා කිරීමේ උත්සාහයක

“කලාව වැටිලා!” හැම කලාකරුවාම කියන කතාවක්. රජයේ අඩුපාඩු, නව මාධ්‍ය වල බලපෑම, ආර්ථික බලපෑම වගේ තවත් බොහෝ කාරණා මේ කලාවේ අද තියෙන තත්වයට වගකිව යුතුයි. කලාව ගැන පට්ට උණක් තිබෙන කට්ටියක් මේ කලාව ගොඩගන්න තමන්ගේ පවුල් ජිවිත ගැන නොතකා, මුදල් ගැන නොතකා වැඩ කරනවා. එහෙම පිරිසක් ගැවසෙන ඒ වගේම
ක්ෂේත්‍ර කීපයක කලා කටයුතු සංවිධානය වෙන තැන් දෙකක් තමයි කොළඹ විජේරාමෙ තිබෙන තැප්‍රෝබේනියන් සහ මහල්වරාවෙ බේකරිය.

බේකරියේ පිරිස විසින් කලාවේ උන්නතිය උදෙසා වරින් වර සංවිධානය කරන Art Festival එක තමයි Down Town Pulse කියන්නේ. මොකද්ද මේ Down Town Pulse කියන්නේ?

සන්නස්ගල සර්, සිංහල පංති වල වෙනසක් කරපු පුද්ගලයා. බහුතරයක් නොදැනුවත්වම සන්නස්ගල විසින් කලාවේ උන්නතිය උදෙසා බොහෝ දේ කරනවා. විජේරාමෙ තැප්‍රෝබේනියන් කියන්නේ කලාවට ඔහු විසින් දායාද කර දුන් ස්ථානයක්. තැප්‍රෝබේනියන් සහ බේකරිය වෙන වෙනම කලා කටයුතු කරගෙන ගියත් මෙවර Down Town Pulse Art Festival එකට සම්පූර්ණ සහය පළකරමින් සන්නස්ගල මෙන්න මෙහෙම තම Facebook ගිණුමේ සටහනක් තිබ්බා.

උපුටාගැනීම Upul Sannasgala:

පෙබරවාරි 25 මාර්තු 2 අතර කාලය බේකරියෙ ‘down town pulse’ සතිය. ආදරෙ රැලි සිඹින මිනිසත් බවේ වෙරළක්. ඒ සඳහා රෝයල් තැප්‍රොබේන් සහභාගිත්වය පහසු කරනු පිණිස අපි ඒ සතියේ රාත්‍රී හමුවීම් සහ වැඩසටහන් සීමා කරනව. මාර්තු 2 තැප්‍රොබේන් අවකාශයට අවුරුද්දක් . එදා අපි සවස 3ට තැප්‍රොබේන් පළමු උපන් දිනය සමරා සියල්ලන්ම හවස් කාලයේ බේකරියට යනවා.

Down Town Pulse Art Festival එක පටන් ගන්නෙ පෙබරවාරි 25 මහල්වරාව බේකරියෙදි. වේදිකා නාට්‍ය, ළමා නාට්‍ය, චිත්‍රපට දර්ශන, ජායාරූප ප්‍රදර්ශනයක් වගේම අවසාන දවසේ Music Event එකක් තියෙනවා. මාර්තු 2 වෙනකල් ආර්ට් එක දැනෙන කාටත් සහභාගි වෙන්න පුලුවන් මේ Down Town Pulse Art Festival එකත් එක්ක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × five =

To Top