Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ඩුබායිහි ඇසිඩ් ප්‍රහාරයකින් ලංකික කාන්තාවක් මරුට

attack

එක්සත් ආරාබී ඒමීර් රාජ්‍යයේ සාජාහි වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා.

ඇයට මෙලෙස ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ ඇගේ සැමියා විසින් බවයි ඩුබායී තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සිය බිරිදගේ වෙනත් ප්‍රේම සම්බන්ධයක් හසුවීම නිසා සැමියා විසින් එසේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇති අතර ඇගේ පෙම්වතා බව කියන ශ්‍රී ලාංකිකයෙක් ද ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටින බව වාර්තා වනවා.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ මිය ගිය කාන්තාවගේ සැමියා සිදූවීම සම්බන්ධයෙන් එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබ සිටිනවා.

ඇසිඩ් ප්‍රහාරය එල්ල වූ පසු ඇතිවූ පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙම කාන්තාව මියගොස් ඇති අතර මෙම ඇසිඩ් ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සාජා ගුවන් තොටුපළේදීයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top