Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Tech

ඩුබායි නුවරට එන සුපිරි රොබෝ ආරක්ෂකයා

dubai security self car

මෙම වසර අවසානයේ ඩුබායිහි විදී සංචාර කරන පොලිස් බළකායට රියදුරකු රහිත ස්වයංක්‍රිය නිරීක්ෂණ රොබෝ රථයක් හඳුන්වා දීමට නියමිත වෙනවා.

එය ප්‍රමාණයෙන් කුඩා දරුවන්ගේ ඉලෙක්ට්‍රික් කාර් රථයකට සමානයි. අංශක 360ක ප්‍රදේශයක් එකවර නිරීක්ෂණය කළ හැකි කැමරාවකින් සමන්විත වන මෙම රථයට මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයද (Facial recoynition technology) එක්කොට තිබීම විශේෂත්වයක් වනවා.

වීදිවල සැරිසරන අපරාධකරුවන් සහ සැකසහිත පුද්ගලයන් නිරීක්ෂණය කිරීමට මෙන්ම ඔවුන් හඳුනාගැනීමේ හැකියාවද මේ හරහා ලැබෙනවා. ඒ අනුව විදී සංචාරය කරන රොබෝ රථයක් මඟින් මඟීන්ගේ ආරක්ෂාව සුරකින ලොව පළමු නගරය ලෙසයි ඩුබායි ඉතිහාසගත වන්නේ.

මෙහි අඩංගු ඩ්‍රෝන කැමරාව ආධාරයෙන් එම රථය මඟහරිමින් පන යන අපරාධකරුවන් පසුපස ලුහුබඳිමින් ඔවුන් රූපගත කිරීමේ අවස්ථාවද හිමිව තිබෙනවා. එමෙන්ම ස්වයංක්‍රියව මාර්ගය හඳුනාගනිමින් ඔබ මොබ සැරිසැරීමේ හැකියාව මෙම රොබෝ රථය සතුයි. එමෙන්ම පාලක මධ්‍යස්ථානය මඟින් ලබාදෙන විධානයන්ට අනුකූලව ප්‍රතිචාර දක්වන මෙම රථය අවශ්‍ය ඕනෑම ස්ථානයක් වෙත ගමන් කිරීමේ හැකියාවෙන් යුක්ත වෙනවා.

නැවත පණගැන්විය හැකි විදුලි බැටරි ආධාරයෙන් මෙම රථයට අවශ්‍ය බලය සැපයෙන අතර විදුලි බලය අඩු මට්ටමකට පත් වූ විට ස්වයංක්‍රියව එය නැවත පණගන්වා ගැනීමට මෙම යන්ත්‍රය සමත්. එමෙන්ම රාත්‍රී කාලයේ පවා විදී සංචාරය කිරීමට මෙම රථයට හැකියාව තිබෙනවා.

2030 වසර වන විට ඩුබායිහි පොලිස් මුර සංචාරයන්ගෙන් 25% ක් මෙම රොබෝ රථ මඟින් ආවරණය කිරීමටයි නගර බලධාරීන්ගේ අරමුණ වී ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top