Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

දුෂ්මන්තට – ධනුෂ්කට පළමු ටෙස්ට් තරගය බැහැ

test match

අන්තර් පළාත්  සිව්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලබන ජූනි මාසයේදී පැවැත්විමට නියමිත පළමු ටෙස්ට් තරගය අහිමි වනු ඇති බවට වාර්තා වනවා.

කොළඹ කණ්ඩායම නියෝජනය කරන දුෂ්මන්ත චමීර ගාල්ල කණ්ඩායමට එරෙහිව හම්බන්තොට ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී අබාධයකට ලක් වීම නිසා සති පහක කාලයක් විවේක ගන්නැයි ඔහුට උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.

නියත වශයෙන්ම ඔහුට බටහිර ඉන්දීය කොදෙව් සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මග හැරෙන බව මේ ස්ම්බන්ධයෙන් අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පැවසුවේ.

චමීර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී   විම සඳහා අප්‍රේල් 05 වැනිදා ඉන්දියාව බලා යාමට නියමිතව තිබුණත් ශරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ඔහුට ඉන්දියාව බලා යෑමට නොහැකි විය.

ධනුෂ්ක ගුණතිලකද අන්තර් පළාත්  සිව්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක් වී ඇති අතර ඒ හේතුවෙන් ඔහුටත් අන්තර් පළාත් සීමිත තරගාවලිය සහ  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්විමට නියමිත ප්‍රථම ටෙස්ට් තරගය අහිම් විමට වැඩි ඉඩ කඩක් ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − 5 =

To Top