Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Tech

කුඩා අහස් නැවක් වොෂින්ටන් අහස පුදුමකරවයි

egan airships

හෙලිකොප්ටරයක් මෙන් ගුවන් ගත කෙරෙන කුඩා අහස් නැවක් බඳු මිනිසුන් රහිත හයිබ්‍රිඩ් යානයක් ඇමෙරිකාවේ වොෂින්ටනයේ ‘සීට්ල්’ සමාගම මුලික වූ ‘එගන් එයාර්ෂිෆ්’ සමාගම විසින් නිපදවා තිබේ.

මෙම යානය හඳුන්වනු ලබන්නේ ‘ප්ලිම්ප්’නමිනි. මෙය නවතම වර්ගයේ මිනිිසුන් රහිත යානයක් වන අතර මෙය ඩ්‍රෝනයක් ලෙසද සැලකේ. මෙය ක‍්‍රියාකරනුයේ ගුවන් යානයක් ආකාරයටය. ගුවන්ගත කිරීම, ගුවනේ සැරිසැරීම සහ ගොඩබෑම හෙලිකොප්ටරයකට සමානව සිරස් අතට සිදුකෙරේ.

මෙය අඩි 28 ක් දිගින් යුක්තය. පැයට කිලෝමීටර 64 ක වේගයෙන් ගමන් කළ හැකිය.

කෘෂිකර්මාන්ත, සමීක්‍ෂණ, විදුලි සම්පේ‍්‍රෂණ මාර්ග පරීක්‍ෂණය, දේශසීමා මුර සංචාර සහ චිත‍්‍රපට සහ වෙළෙඳ පටිගත කිරීම් සඳහා යොදාගත හැකිය. මෙය කිලෝ ග‍්‍රෑම් 25 ක් බරින් යුක්තය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top