Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

අයිෆල් කුළුණ වීදුරු බිත්තියකින් වැසෙයි

Eiffel

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන් සිදුවන හානිය වැළැක්වීම සදහා පැරිස් නුවර ඓතිහාසික ස්මාරකයක් වන අයිෆල් කුලුණ වට ආරක්ෂක වැටක් සමග වීදුරු ආවරණයක් මේ වන විට සකස් කරමින් පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අනුව ලබන මාසය තුළදී එම ආරක්ෂක වැට සහ වීදුරු ආවරණය සකස් කර නිමකිරීමට නියමිතයි.

මේ සඳහා යුරෝ මිලියන 35ක් වැය කර ඇති බවයි පැරිස් වාර්තා සඳහන් කරන්නේ.

අඩි 10.6ක් උසැති ලෝහමය වැටකින් මෙන්ම අඟල් දෙක හමාරක් ඝනැති වීදුරුවලින් මෙම ආවරණය සමන්විතයි.

2015 වසරේ සිට ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරවලින් පුද්ගලයන් 240කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මේ වසරේදී පමණක් අයිෆල් කුලුණ නැරඹීමට මිලියන 7ක් පමණ සංචාරකයන් පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 4 =

To Top