Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

සමරනායක ඉංජිනේරු මහත්තයා ලෝකෙටම සිහි ගැන්වූ අපේ මනුස්සකම

කතාවට කියනවා ලෝකයේ අනිත් රටවලට වඩා ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියලා. හැබැයි දැන් දැන් මේ කියමන වැඩිපුර භාවිතා වෙන්නේ වැරදි ක්‍රියා වලට. නමුත් ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ තියෙන මනුස්සකම පෙන්වා දුන්න පුවතක් ඊයේ අන්තර්ජාලයේ පළවුනා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ වැඩිදුර අධ්‍යාපනය ලබා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුවෙක් වශයෙන් විදුලිබල මණ්ඩලයට තම ලබා දෙන G D K සමරනායක මහතා තම විදුලිබල මණ්ඩලයේ සිසුන් කිහිපදෙනෙක් සමග පසුගිය සිකුරාදා දිනයේදී හරි අපූරු වැඩක් සිදුකලා.

සමරනායක මහතා දිනපතා රාජාංගනය සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන ගමන අතරතුර උදැසන 7ට විතර මග සිටින පුද්ගලයෙකු ඇහැ ගැටෙනවා. වැරහැලි ඇඳගත් මේ පුද්ගලයාගේ හිසකෙස් එකිනෙකට ඇලී ඇති ආකාරයෙන් මාස කිහිපයකින් ස්නානය නොකරන ලද බව ඔහු එක හෙලා හඳුනා ගන්නවා.

මෙම පුද්ගලයා දෛනිකව පුරුද්දක් වශයෙන් කරන විශේෂ ක්‍රියාවක් සමරනායක මහතාට ඔහුගේ දිනපතා ගමන අතරතුර අධ්‍යනය කරන්න ලැබෙනවා. අද සමාජයේ හොඳ සිහියෙන් සිටින මිනිස්සු තමන්ගේ කුණු පාරේ දමා යන කාලෙක මේ වැරහැලි ඇඳගත්, දුගඳ හමන පුද්ගලයා ඔහුගේ වටපිටාවේ තිබෙන පොලිතින්, කඩදාසි වැනි අපද්‍රව්‍ය සියල්ල එක තැනකට රැස්කොට ගිනිතබන ආකාරය සමරනායක මහතා ගේ සිතේ කොනක විශේෂ අනුකම්පාවක් ඇතිකිරීමට මූලික වෙනවා.

සමරනායක මහතා දිනක් ඔහුගේ බත්පත මෙම පුද්ගලයට ලබා දෙන්නේ ඔහු ගැන වැඩි විස්තරයක් සොයා බැලීමේ අරමුණෙන්. නමුත් වැඩි කතා බහක් නැති මේ පුද්ගලයා සමරනායක මහතාට ස්තුතිය ඇරෙන්න වෙන කිසිම දෙයක් පවසන්නේ නැහැ.

දින කිහිපයක්ම තම බත්පත ලබා දුන්න සමරනායක මහතා අඩේප්පන් නමැති මෙම ද්‍රවිඩ ජාතික පුද්ගලයා සමග හොඳ හිත ගොඩනගා ගන්නවා. මසකට ප්‍රථමයෙන් තම දරුවන් සමග අඩේප්පන් හමුවීමට යන සමරනායක මහතා තීරණය කරන්නේ මොහුව සමාජගත කිරීමට අවශ්‍ය කටයුතු කිරීමටයි.

මේ සදහා මුලින්ම එකතුවන්නේ සමරනායක මහතාගේ විදුලිබල මණ්ඩලයේ සිසුන්. ඔවුන් එකතුවෙලා මේ ක්‍රියාන්විතයට අවශ්‍ය වන මුදල් ටිකක් රැස් කරනවා. මීළඟට සමරනායක මහතා එකතු කරගන්නේ මිත්‍රයෙක් වන කැකිරාව ඉස්පිරිතාලේ වෛද්‍ය අසිත මහතා. වෛද්‍යතුමා සමග කතා බහ කිරීමෙන් පසුව දඹුල්ල පොලිසිය සහා සමාජ සුභසාධකය එකතුව අඩේප්පන් සමාජ ගත කිරීමේ මුලික ක්‍රියාන්විතය සඳහා පිඹුරුපත් සකසනවා.

පසුගිය 20 වෙනි සිකුරාදා උදැසන අඩේප්පන් හමුවීමට ගිය සමරනායක මහතා සහ ඔහුගේ විදුලිබල මණ්ඩලයේ සිසුන් අඩේප්පන් පිරිසිදුකර, එකට ඇලී තිබුණු කොණ්ඩය කපා, හොඳ ඇඳුමක් අන්දවා විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දෙනවා.

රජ ගොසිප් අපිට වැඩි දුර අදහස් දැක්වූ සමරනායක මහතා කියා සිටයේ අඩේප්පන් ප්‍රතිකාර ලබා අවසන්වූ විගස ඔහුට අදායම් මාර්ගයක් සහ ඉන්න ගෙයක් ලබා දෙන්න කටයුතු කරන බවයි.

මෙවන් උතුම් ක්‍රියාවකට උරදුන් සමරනායක මහතා රජ ගොසිප් අපිට පැවසුවේ මෙන්න මේ පණිවිඩය සමාජගත කරන ලෙසයි. අපි එම පණිවිඩය මෙසේ සටහන් කරමු.

“දැන් මේ වැඩේ දැකලා කට්ටිය සෙට් වෙලා පාරේ ඉන්න මිනිස්සු නාවලා ඇඳුම් අන්දලා නැවතත් පාරටම අත අරි. හැබැයි මතක තිය ගන්න මේ මිනිස්සුන්ගේ ඒ පෙනුම නිසා තමයි කවුරු හරි කෑම එකක්, ජිවත් වෙන්න සල්ලි කියලා රුපියලක් හරි දෙන්නේ. හොඳට ඇඳලා ඉන්න අයට කව්රුත් කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඒක නිසා අපි ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. සමහර වෙලාවට හොඳට කරන්න යන වැඩෙන් ඒ පාරේ ඉන්න පුද්ගලයාගේ ජීවිතේට හානියක් වෙන්න පුළුවන්.

අපි අඩේප්පන්ගේ ඉදිරි ජීවිතය ගතකරන්න රස්සාවක්, ගෙයක් වගේ හැම පහසුකමක්ම සලසා දෙනවා. Plan එකක් ඇතිව අපි සත්කාරය කරන්න ඕනේ.”

– G D K සමරනායක –

සමරනායක මහතා ප්‍රමුඛ මෙම කණ්ඩායම සිදුකරන අඩේප්පන් සමාජගත කිරීමේ සත්කාරයට ඔබටත් වචනෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද දායක විය හැකියි. සමරනායක මහතා ගේ දුරකතන අංකය 071-553-0797 ට ඇමතුමක් ලබා දී ඔබේ වටිනා සහය ලබාදෙන්න.

එම අවස්ථාවේ වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න,

(All images are © Copyrighted by G D K Samaranyake )

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − 1 =

To Top