Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

මුහුණට මුහුණ අලියා දැකපු ටීචර්ට නොසිතු දෙයක් වෙලා

Elephant Attack

ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයට අයත් වන්නි අමුනුකොළේ ප්‍රාථමික විදුහලට ඉකුත් 07 වැනිදා උදෑසන වල් අලියකු කඩා වැදීම නිසා පාසලේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.

පෙරේදා රාත්‍රියේ ආහාර සොයා ගොස් ආපසු යමින් සිටියදී මෙම අලියා උදෑසන 7.30ට පමණ පාසල් වත්තට ඇතුළුව ඇති අතර, එහිදී අලියා දැකීමෙන් බියට පත් වූ කුඩා දරුවන් පාසල් වත්ත පුරා බියෙන් දිව ගොස් ඇති බවත්, විදුහල්පතිතුමා හා ගුරුවරුන් එක්ව වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව වනජීවී නිලධාරීන් පැමිණ අලි වෙඩි දමා අලියා පලවා හැරීමට කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

පාසල් වත්තෙන් පන්නා දැමු අලියා මාර්ගය දිගේ යමින් සිටි අවස්ථාවේ එම පාසලේම උගන්වන ගුරුවරියකගේ ඉදිරියට අලියා මුණගැසී ඇති අතර, ඉන් බියට පත් වූ ගුරුවරියකගේ ඉදිරියට අලියා මුණගැසී ඇති අතර, ඉන් බියට පත් වූ ගුරුවරිය වමනය දමා තරමක අසනීප තත්ත්යක්ද හටගෙන ඇත.

කෙසේ වෙතත් වල් අලියා කඩා වැදීමෙන් පාසල් වත්තේ දේපොළ කිසිවකටත් හානියක් සිදුවී නොමැති අතර පුද්ගල හානියක්ද සිදුවී නොමැත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 12 =

To Top