Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Tech

Facebook නිසා YouTube එක නැතිවෙන්න තව ටික දවසයි

Facebook

ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය ලෙසට සැලකෙන ෆේස්බුක් අඩවිය නව වීඩියෝ සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

YouTube හා රූපවාහිනී නාළිකා සමඟ තරග කිරීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවද පැවසේ.

මේ හරහා සිනමාපට මෙන්ම විවිධ වීඩියෝ දර්ශන නැරඹීමේ හැකියාව පවතියි.

එලෙසම තමා නරඹන වීඩියෝපටය සඳහා අදහස් ඉදිරිපත් කිරීමට මෙන්ම ඒවා සිය මිතුරන් අතරේ බෙදා ගැනීමටද පහසුකම් මෙම නව සේවාවේ ඇත.

දැනටද විවිධ අංශයන් මෙන්ම විවිධ වූ සිද්ධීන් පිළිබඳව වන කෙටි වීඩියෝ දර්ශන ෆේස්බුක් හි පවතින අතර මෙම නව සේවාව එහි වැඩි දියුණු කිරීමක් බවද සඳහන් වේ.

ෆේස්බුක් සඳහා වීඩියෝ දර්ශන වෙනුවෙන් වෙනමම ඉඩක් වෙන් කිරීම සිදුවුයේ පසුගිය වර්ෂයේදී වන අතර එහිදී මෙම නව සේවාව පිළිබඳව යම් ඉඟියක් ද සිදුවිය.

දැනට අන්තර්ජාලයේ පවතින මේ ආකාරයේ වීඩියෝ දර්ශන අඩංගු වෙබ් අඩවි විවිධ වූ අර්බුධවලට මුහුණ දි සිටින අතර එතැන ඇති වන හිස් තැනින් ලාභයක් ඉපයීම ෆේස්බුක් හි අරමුණ වී ඇති බවද පැවසේ.

මේ පිළිබඳව අදහස් දක්වන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සඳහන් කරන්නේ මෙම නව ව්‍යාපෘතිය සියලු දෙනා කැමැත්තෙන් භාරගනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top