Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිකම් ෆොන්සේකා වෙන ලකුණු

පසුගිය සති කිහිපයේ ආරක්ෂක අංශ සහ යුධ හමුදාපතිවරයා දැඩි ලෙස විවේචනය කළ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

මෙම ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇති අතර මේ වනවිටත් ජනාධිපතිවරයා එම තීන්දුව ගන සිය උපදේශකයන් සමග සාකච්ඡා කරමින් සිටින බවට දැනගන්න තිබේ. ෆොන්සේකා මහතා විසින් කරන ලද විවේචන ගැන යුද හමුදාවේ දැඩි කනස්සල්ල ආරක්ෂක අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයා වෙත හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් විසින් දැනුම්දී ඇතැයි ද වාර්තා වේ.

මේ ගැන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් සමග අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා අමාත්‍ය ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට අගමැතිවරයා සමග සාකච්ඡාවක් කරන බව සඳහන් කර ඇත.

තහවුරු නොකළ රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය නැතිනම් කැබිනට් ධූරය යන දෙකින් එකක් අහිමි විය හැකි බවය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීද සඳහන් කළේය.

දේශපාලන වාර්තාකරු (ඉරිදා දේශය)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − five =

To Top