Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ට්‍රම්ප් ටවර් එකේ 50වෙනි තට්ටුවේ විශාල ගින්නක්. පුද්ගලයෙක් මියයයි

ඊයේ (07) සවස ඇතිවූ හදිස්සි ගින්නක් නිසා ට්‍රම්ප් ටවර් (Trump Tower) හි 50 වෙනි තට්ට්ටුවේ පිහිටි මහල් නිවාසයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා. පිපිරීමක් සමග විශාල දුමාරයක් පිටතට පැමිණි බවට මෙම සිද්ධිය ඇසින් දුටු අය මාධ්‍යට පැවසුවා.

නම හෙළි නොකල වයස අවුරුදු 67ක පුද්ගලයෙකු මෙම හදිස්සි ගින්න නිසා මියගොස් තිබෙනවා. ගිනි නිවීමේ නිලධාරීන් මිනිත්තු කිහිපයක් ඇතුළත මෙම සිද්ධිය වුනු ස්ථානයට පැමිණ තිබුණු අතර ඔවුන් අදාළ මහල් නිවාසයට ලං වන විටත් එය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී තිබේ. මියගිය පුද්ගලයා දැඩි පිළිස්සුම් තුවාල සමග මෙම මහල් නිවාසය තුල සිර වී සිට මුදා ගැනුනත් රෝහල් ගත කිරීමෙන් පසු මියගියා.

ඩොනල් ට්‍රම්ප් ජනාධිපති වීමට ප්‍රථමයෙන් ඔහුගේ ප්‍රධාන නිවස වශයෙන් භාවිතා කරන ලද්දේ ද මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉහල තට්ටු තුනේ පිහිටා ඇති ඔහුගේ penthouse නිවාසයි. ගින්න පාලනය කිරීමෙන් පසුව ඇමෙරිකානු රහස් ඔත්තු සේවය සමග ගිනි නිවීමේ නිලධාරින් මෙම penthouse නිවාසය පරික්ෂාවට ලක් කොට ඇති අතර කිසිම හානියක් වාර්තා වී නොමැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා Twitter පණිවිඩයක් හරහා ගිනි නිවීමේ නිලධාරීන්ට තම ස්තුතිය පල කර තිබුණා.


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top