Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ලොකු පාසල් 5ක් සම්පූර්ණයෙන් වැසෙයි

School

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සදහා පාසල් 05ක් සම්පූර්ණයෙන්ම ද තවත් පාසල් 22ක් කොටස් වශයෙන් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව සම්පූර්ණයෙන් වැසෙන පාසල් 05 සැප්තැම්බර් 07 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා වසා තැබෙනු ඇත. කොටසක් පමණක් වසා තබන පාසල්වල තෙවැනි පාසල් වාරය සාමාන්‍ය පරිදි සැප්තැම්බර් 06 වැනිදා ආරම්භ වන අතර පිළිතුරු පත්‍ර ඇගැයීම වෙනුවෙන් භාවිතා කෙරෙන ගොඩනැගිලි පිළිබද විදුහල්පතිවරුන් හරහා දැනුවත් කෙරෙනු ඇත.

මේ අනුව සම්පූර්ණයෙන්ම වසා තැබෙන පාසල් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය, විහාර මහාදේවි බාලිකා විද්‍යාලය, ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය සහ සීතාදේවි බාලිකා විද්‍යාලයයි.

කොටසක් පමණක් වසා තැබෙන පාසල් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ විශාඛා සහ නාලන්දා විද්‍යාලය, කළුතර වේලාපුර මහා විද්‍යාලය, මීගමුව ශාන්ත පීතර මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක සහ රත්නාවලි බාලිකා විද්‍යාලය, රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලය, කුරුණෑගල මලියදේව බාලක සහ බාලිකා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, මාතර ශාන්ත තෝමස් විද්‍යාලයථ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, හාලිඇළ මහා විද්‍යාලය, බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලය, බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලය, කල්මුණේ වෙස්ලි විද්‍යාලය, මඩකළපුව වින්සන්ට් උසස් බාලිකා මහා විද්‍යාලය, වවුනියාව දෙමළ මහා විද්‍යාලය හා යාපනය මධ්‍ය මහා විද්‍යාලයයි.

ජනයුගය – 2017.08.04

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top