Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

පිළිකා ගෙඩියක්‌ අයින් කරද්දී රෝගියා එක්ක ටොන් දෙකක්‌ බර ශල්‍යාගාර ඇඳ දොස්‌තරගේ කකුලට වැටිලා

operation bed

ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ පිළිකා රෝගියකුගේ බඩවැලේ තිබූ පිළිකා ගෙඩියක්‌ ඉවත් කිරීමේ සැත්කමක්‌ කරමින් සිටි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාගේ පාදය මතට සැත්කම් සිදුකරන ශල්‍යාගාර ඇඳ කඩා වැටී තිබෙනවා.

එමගින් ශල්‍ය වෛද්‍යවරයාගේ පාදයේ වම් මාපට ඇඟිල්ල තුවාල වී තිබෙනවා. රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ඇති ශල්‍යාගාරයේදී 09 දා පස්‌වරුවේ මෙම සැත්කම කරමින් සිට තිබෙනවා.

මෙම අනතුරෙන් වෛද්‍යවරයාගේ වම් පාදයේ මාපට ඇඟිල්ලේ අස්‌ථි බිඳී ගොස්‌ ඇති අතර ප්ලාස්‌ටික්‌ සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය සතිස්‌ විඡේමාන්න මහතා විසින් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාගේ පාදයේ මාපටඟිල්ලට පැය එකහමාරක ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ ද කරනු ලැබුවා.

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් සැත්කමේ කටයුතු අවසන් අදියරේ තිබියදී ටොන් දෙකක්‌ පමණ බර යකඩයෙන් සාදනු ලැබූ ශල්‍යාගාර ඇඳ රෝගියා සමඟ එකවරම වෛද්‍යවරයාගේ පාදයක්‌ මතට පහත් වී තිබෙනවා. ඒ සමඟ දැඩි පරිශ්‍රමයක්‌ දරා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා තම කකුල ඇද ඉවතට ගෙන තිබෙනවා.

අනතුරට ලක්‌වූ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විශ්වවිද්‍යාල ශල්‍ය ඒකකයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු 09 දා මෙම අනතුර වීමට පෙර සැත්කම් දෙකක්‌ සිදුකොට තිබෙනවා. තුන්වැනි සැත්කම කිරීමේදී මෙම අනතුරට ලක්‌ව තිබෙනවා.

සැත්කමට භාජනය කෙරුණු රෝගියා වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ අයෙක්. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් එම රෝගියාගේ බඩවැලේ තිබූ පිළිකා ගෙඩිය ඉවත් කොට ඇති අතර අනතුර වන අවස්‌ථාවේ තිබී ඇත්තේ විවර කොට තිබූ රෝගියාගේ උදරය වැසීම පමණයි. එය වෙනත් වෛද්‍යවරයකු විසින් සිදුකොට තිබෙනවා. මෙම අනතුරෙන් රෝගියාට කිසිදු කරදරයක්‌ වී නැහැ.

මේ පිළිබඳ කරාපිටිය ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මෙවැනි සිද්ධියක්‌ වී ඇති බවයි. ශල්‍යාගාර ඇඳන් කිහිපයක්‌ රෝහලට ලැබීමට ඇති බවද රෝහල් අධ්‍යක්‌ෂවරයා සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top