Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

බොහෝ දෙනාගේ මතකයේ රැඳුනු කොල්ලුපිටියේ ග්‍රීන් කැබින් 31 වෙනිදා අවසන් ගමනේ

“මචං කොල්ලුපිටිය ග්‍රීන් කැබින් (Green Cabin) එක ලඟට එන්න”. ඔන්න ඔහොම කියපු අවස්ථා ඔබටත් ඇති. කොළඹ ඉන්න අය යාලුවෝ එක්ක ෂෝර්ට් ඉට්ස් එකක් කන්න, අයිස් කොෆි එකක් බොන්න සෙට් වුනු තැන තමයි මෙන්න මේ Green Cabin එක. පොඩි පොඩි meeting වලට, බිස්නස් වැඩක් කතා කරගන්න වගේම හොඳ දහවල් කෑම වේලක් ගන්න තිබුණු හොඳම තැනක් තමයි Green Cabin එක.

කොළඹ සිටින අපේ සුන්දර මතකයන් බොහොමයක් මේ කොල්ලුපිටියේ Green Cabin එකත් එක්ක බැඳිලා තිබෙනවා. මේ මතකයන් සියල්ලම, මතකයක් ලෙස පමණක් ඉතුරු කර ජුලී 31 වෙනිදා සිට Green Cabin එක වසා දැමීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

කොල්ලුපිටියේ පිහිටි Green Cabin පරිශ්‍රය මේ වන විටත් විකුණා ඇතිබවටයි වාර්තා වන්නේ. 1936 දී මිසිස් ද වොස් විසින් ආරම්භ කරන ලද Green Cabin අවන්හල 1942 සිරිල් රොද්‍රිගු නමැති ව්‍යාපාරිකයෙකු හට විකුණා දමනවා. පරම්පරා ගණනක් මෙසේ පැවත ආ Green Cabin අවන්හල මෙසේ 31 වෙනිදා අවසන් ගමන් යන්නේ මෙය වටා ගෙතුණු මතකයන් පමණක් ඉතුරු කරමින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 2 =

To Top