Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Tech

iPhone X එකට ගහන්න Huawei එලියට දාපු සුපිරිම Phone එක මෙන්න

Huawei Mate 10

Huawei සමාගම ඔවුන්ගේ නවතම ස්මාර්ට් Phone එක එළිදක්වා තිබෙනවා. ඒ Huawei’s Mate 10 දුරකථනයයි.

ඒ වගේම මෙහි ස්මාර්ට් Phone දෙකක් එළිදක්වා තිබෙනවා. Mate 10 සහ Mate 10 Pro ලෙස Mate 10 Pro දුරකථනය ලොව පුරා බෙදා හරින්නේ සිමිත ප්‍රමාණයක් බවයි සඳහන් වන්නේ.

නවතම අංගවලින් සමන්විත මෙම දුරකථන්‍ය bezel එක ඉතාමත් තුනී විශාල තිරයක් සහිතවයි ඉදිරිපත් කර ඇත්තේ. එමෙන්ම මෙහි දෘඩාංග AI සඳහා විශේෂයෙන්ම සකසා ඇත.

Mate 10 දුරකථනය අගල් 5.9’LCD තිරයක් සහිතයි. Mate 10 Pro දුරකථය 6-inch 2160 x 1080 OLED තිරයක් සහිතයි.

මෙහි පසුපස කැමරා දෙකක් සහිතයි එමෙන්ම Finger ප්‍රින්ට් සෙන්සර් එකත් ඇත්තේ පසුපසයි.

Mate 10 දුරකථනයෙ වර්ණ mocha brown,pink gold සහ black and Gold ලෙස පැමින තිබෙනවා. Mate 10 Pro දුරකතනය diamond black ලෙස වර්ණයක් සහිතවද පැමිණේ.

මෙම දුරකථන දෙකටම Kirin 970 CPU යොදා ගෙන තිබෙනවා. මෙම චිප් එක Huawei විසින් ඔහුන්ගේම සමාගමක් වන HiSilicon semiconductor arm තුල නිර්මාණය කර තිබෙන්නේ. Huawei සමාගම මෙම චිපය විශේෂ නමකින් හදුන්වයි ඒ NPU ලෙසයි.

මෙම Kirin 970 චිප් එක ඔවුන් සාදා ඇත්තේ විශේශයෙන්ම AI සහ deep learning කටයුතු පහසුවෙන් කිරිමටයි. මෙය iPhone 8 සහ X හී දි හදුන්වා දුන් A11 Bionic chip ට සමානවේ.

Huawei පවසන ලෙස මෙම නිසා ඉතාම හොදින් මෙහි කැමරාව ක්‍රියාත්මක වේ DLRS කැමරාවක ආකරයෙන් ඉතාමත් පැහැදිලි ඡායාරුප ගැනීමට හැකියාව පවති.

ඒ වගේම මෙම Mate 10 දුරකථයට 4GB RAM එකක් සහ 4,000mAh battery කින් සමන්විතය. මෙහි ප්‍රධන පිටුපස කැමරා දෙක 20-megapixel සහ 12-megapixel monochrome sensor සහිත කැමරා දෙකකින් සහිතය.

Mate 10 pro දුරකථනයට 6GB RAM එකක් සහිතවේ. එමෙන්ම USB-C සහ desktop docking එනම් පරිගණකයකට මෙම දුරකතනය සම්බන්ධ කල විට පරිගණකයන් ලෙස භාවිතා කිර්මටද හැකියාව ලබාදෙයි.

Mate 10 දුරකථ්නය $824 සහ $942 අතර මුදලකට ලබාගත හැකි අතර, Mate 10 Pro දුරකථ්නය $1,645 පමණවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top