Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

ලංකාවත් එක්ක ඉස්සරහට තියෙන මැච් වලට ඉන්දියාවේ ප්‍රබල ක්‍රීඩකයෙක් ඉවත්වෙයි

india team 2017

ඉන්දීය නායක විරාත් කෝලිට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය අහිමිවීමේ ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

ගෙවී ගිය වසරක කාලය තුළ නොකඩවා තරග සඳහා සහභාගි වීම හේතුවෙන් ඔහුට කෙටි විවේකයක් ලබාදීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවයි එම මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ පැවැත්වීමට නියමිත එක්දින ජාත්‍යන්තර තරග 5ට සහ විස්සයි -20 තරගයට අදාළ තේරීම් කටයුතු සඳහා ඉන්දීය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉදිරි දින දෙක තුළදී රැස්වීමට නියමිතයි.

ඒ අනුව වත්මන් ඉන්දීය නායකයාට කෙටි විවේකයක් ලබා දීමට තීරණය කළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී හා විස්සයි-20 තරගයේදී ඉන්දීය පිලේ වැඩබලන නායකයා ලෙස රෝහිත් ෂර්මා පත්කරනු ඇතැයි ද සදහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top