Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Tech

මෙන්න iPhone | iPad අලුත්ම Update එකේ වැඩකෑලි

ඔන්න ගොඩාක් දෙනෙක් බලාගෙන හිටපු ඇපල් නවතම iOS 11 සංස්කරණය පෙරේදා නිකුත් කළා.

මේ iOS 11 එක අලුත්ම වැඩ කෑලි ගණනාවකින් සමන්විත වෙලා තියෙනවා. විශේෂයෙන්ම control panel එක අලුත්ම කරලා තියෙන එක ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය ලබාගන්න ලොකු හේතුවක්. ඒකෙ mobile data ක්‍රියාත්මක සඳහා පහසු ආකාරයෙන් සරල විදියක් තමයි අනුගමනය කරල තිබෙන්නේ.

ඒ වගේම apps ගණනාවකම icon වෙනස් කරන්න apple සමාගම පියවර අරගෙන තිබෙනවා.

පෙර තිබූ Drag Menu එකට Screen Record එකකුත් ඇවිත් තියෙන එක මේකේ තවත් වැදගත් කාරණයක්. එයින් වීඩියෝ ලෙස අපේ iPhone එකේ | iPad එකේ කරන දේවල් save කරගන්න පුලුවන්.

ඒ වගේම calculator එකත් වෙනස් කරලා තිබෙන අතරවාරයේ ඔවුන් විසින් අලුත්ම effects සහ motion ට්‍රාන්සිශන්ස්ද එකතුකරල තිබෙනවා. මේ හේතුවෙන් ෆෝන් එකේ බැටරිය ඉක්මනට බහින්නත් හැබැයි ඉඩ තියෙනවා.

ඊට අමතරව imessage වලට අලුත්ම effects එකතු කරන්නත් apple ල කටයුතු කරලා තිබෙනවා.

ඉතින් මේ හැම දෙයක්ම ඔන්න ඔයාලට දැන් සජීවීව අත්විඳගන්න දැන්ම ඇපල් නවතම iOS 11 එක install කරගන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 8 =

To Top