Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

මම ඉන්දියාවට ඇවිත් නිළියක් වෙයි කියලා නම් හිතුවෙ නෑ

jacqueline fernandez

ඔබ සහ සල්මාන් සිනමාවේ ජනප්‍රියම යුගලයක් බවට පත්වෙලා. ඔබ කොහොමද එය දකින්නේ?

තිරය මතදී අප දෙදෙනා ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. 2009 ඇලඞීන් චිත‍්‍රපටය තිරගත වන විට ගොඩක් දෙනෙක් මාව නොදැන සිටි කාලයේ තමයි ඔහු මට ඛදබාදබ ෘරු්පි චිත‍්‍රපටයට ආරාධනා කරන්නේ. එතැන් පටන් ම අද වන තුරු අප දෙදෙනා මිතුරන්. ඔහු මාර්ගයෙන් මට David Dhavan Sajid Nadiyawala වගේ දක්ෂ අධ්‍යක්ෂවරු සමග කටයුතු කරන්නට ලැබුණා.

ඔබ හැරුණාම සල්මාන්ට ගැළපෙන හොඳම නිළිය?
ම්ම්ම්… මම හිතන්නෙ ඓශ්වර්යා රායි. මම Hum Dil de Chuke Sanam චිත්‍රපටය ට ගොඩක් ආදරෙයි. එහි ඔවුන් දෙදෙනාගේ ගැළපීම අතිවිශිෂ්ටයි.

ඔබ අද වාණිජ සිනමාවේ ඉදිරියෙන් ම සිටින නිළියක් කිව්වොත්?
ඉදිරියෙන්ම..? ඔව් වෙන්නත් පුළුවන්. මම බලාපොරොත්තු වුණේ ඒ වගේම මගෙ ස්වරූපය මම හදාගෙන ඉන්නෙ වාණිජ සිනමාව වෙනුවෙන්.

බොහෝමයක් බොලිවූඞ් නිළියන් කැමති ප්‍රබල කාන්තා චරිත රගපාන්න, ඒ අතින් ඔබ වාණිජ සිනමාවේ සිරවෙලා කිව්වොත්?
මම කැමති මගෙ හිතට සතුටක් දෙන චරිත කරන්න. වෙන අය කරන නිසා මට ඒ වගේ චරිත කරන්න වුවමනාවක් නෑ. ඒ වගේම බලහත්කාරයෙන් මම මට කළ නොහැකි දෙයක් කරන්නෙත් නෑ.  මම සිනමාව විදිහට දකින්නේ ප්‍රේක්ෂකයා සතුටු කරන සිනමාව. ඒ කියන්නෙ වාණිජ සිනමාව. නමුත් හොඳ චරිතයක් ලැබුණොත් මට පුළුවන් කියලා හිතුණොත් නොකර ඉන්නෙත් නෑ. දැනට මම කරන දේ කරන්නෙ සතුටින්.

ඔබ මෙතෙක් ආ ගමන ගැන සතුටින්ද?
මම මගේ ජීවිතයේ කවදා හරි යමක් කළ යුතුයි කියන තැන හිටියා. නමුත් මම ඉන්දියාවට ඇවිත් නිළියක් වෙයි කියලා නම් හිතුවෙ නෑ. මම අනාගතය ගැන හිතන්නෙවත් එහෙමත් නැත්නම් අතීතය ගැන පසු විපරම් කරන්නෙවත් නෑ. මම ජීවත් වෙන්නෙ වර්තමානයේ, අද දවසේ පමණයි.

ඔබේ පළමු බොලිවුඞ් චිත‍්‍රපටයේ සිට අද දක්වා ඔබ කොපමණ වෙනස්වෙලාද?
(සිනාසෙමින්) මම ක්ෂේත‍්‍රයට එනකොට මට කිසිවෙක් හිටියේ නෑ. මිතුරෙක් හෝ නෑදෑයෙක් හෝ වෙනත් කිසිවෙක්. මේ හැමදේම මට අලූත් දේවල් වුණා. හැම දේම මුල ඉදන්ම ඉගෙන ගන්න වුණා. සිනමාව, භාෂාව, අනිත් අය සමග කටයුතු කරන හැටි. සමහර දේවල් අදටත් මට විස්මයක් වෙන වෙලාවල් තියෙනවා.

ඒ මොන වගේ දේවල්ද?
විශේෂයෙන්ම ක්ෂේත‍්‍රයේ අය සමග සම්භාෂණවලට සහභාගි වෙද්දී. මාධ්‍යවේදීන් සමග කටයුතු කරද්දී. අනෙක් ශිල්පීන් ශිල්පිනියන් හා සම්බන්ධකම් පවත්වද්දී. ඒ හැමදේම මගේ ආකල්පවලින් වෙනස් වුණා පමණයි. අදටත් මම අභ්‍යන්තරයෙන් ඉස්සර හිටපු කෙනාම තමයි.

ඔබේ සිනමා ගමනේ මංසලකුණු ගැන මතක් කළොත්?
මගේ හැම නිර්මාණයක්ම මට ලැබුණු ආශිර්වාදයක් විදිහටයි මම දකින්නෙ.Murder 2, Housefull, Kick, Judwa 2 වගේ චිත‍්‍රපට මට විශේෂයි. ඒවායින් මගේ සිනමා ගමනට නව ජවයක් ලැබුණා කිව්වොත් හරි.

ඔබේ මේ සිනමා ගමන්මගේ උගත් දේ මොනවාද?
වැදගත් ම දේ තමයි බොලිවුඩයේ පැවැත්මක් තියෙන්න නම් ඉවසීම ප‍්‍රගුණ කළ යුතුමයි. ඔබට ඉවසීම නැතිනම් ඔබේ අතින් වැරදි වෙන්නට ඇති ඉඩකඩ වැඩියි. ඔබෙ නිර්මාණ අසාර්ථක වෙන්න පුළුවන්, ඔබට ඍණාත්මක විචාර ලැබෙන්නට පුළුවන්. ඒත් සාර්ථක දවසක් එනතුරුම ඉවසන්න. අන්න එදාට හැමෝම ඔබට ප‍්‍රශංසා කරයි.

එයද ඔබේ සාර්ථකත්වයේ රහස?
අනිවාර්යයෙන්ම. මම ගොඩාක් අසාර්ථක නිර්මාණවලට දායක වුණා. විචාරකයන්ගේ ගැරහුමට ලක්වුණා. ඉවසීම නොතිබෙන්නට මම අද මේ ක්ෂේත‍්‍රයේ නෑ. අමාරු කාලවලදී මම කල්පනා කළේ ශාරුක්, අමිතාභ්, සල්මාන් වගේම ප‍්‍රියංකා ගැන. ඔවුන් මේ ක්ෂේත‍්‍රයේ තැනක් හදාගන්න ගොඩක් දුක් විඳලා තිබුණා. විශේෂයෙන්ම ප්‍රියංකාගේ චරිතය මට ලොකූ ආදර්ශයක් වුණා.

අද දවසේ ඔබට තියෙන අභියෝග මොනවාද?
ලොකුම අභියෝගය තමයි මාව නොවැටී පවත්වාගෙන යාම. මගේ අසාර්ථකත්වයන්, මගේ වැරදි ඉදිරි ගමනට බාධාවක් නොවී ඒ සියල්ල අමතක කරලා ප්‍රබෝධමත්ව ඉදිරියට යන එක. හැම විටම හැම දෙයක් ගැනම ධනාත්මකව හිතන එකයි වැදගත්.

නමුත් අසාර්ථකත්වයන් ඉදිරියේ නොසැලී ඉන්න බැහැනෙ?
ඔව්.. අසාර්ථකත්වයන් භාරගන්න. නමුත් ඒ මතම ඉන්නෙ නැතුව ඒකෙන් යමක්  ඉගෙන ගෙන ඉදිරියට යන්න  ඕනෑ. නැත්නම් පැවැත්මක් නෑ.

ඔබට අනාරක්ෂාකාරී බවක් දැනෙනවද?
ඔව් අපි හැමෝම අනාරක්ෂිතයි. එහෙම හිතෙන්නෙ අපි යම් යම් දේවල් ගැන ප‍්‍රශ්න කරන නිසයි. අපට අනාරක්ෂිත බවක් නොදැනෙනවා නම් ඉන් කියැවෙන්නෙ තමන්ට අනවශ්‍ය තරමේ ආත්ම විශ්වාසයක් තිබෙන බවයි. මේ දෙකම ඒ තරම් හොඳ දේවල් නම් නෙමෙයි.

මොකක් ගැනද ඔබට අනාරක්ෂිත බවක් දැනුණේ?
අනාගතය ගැන. මොකද මම මගේ අනාගතය සැලසුම් නොකරන කෙනෙක් නිසා. මම අද දවසේ පමණක් ජීවත් වෙන කෙනෙක් නිසා.

ක්ෂේත‍්‍රයේ පැවත්මට ලිංගික අල්ලස් ලබාදීම පිළිබඳව චෝදනා තියෙන්වා. ඒ ගැන ඔබේ මතය?
වාසනාවට වගේ මට එවැනි දෙයක් වෙලා නැති නිසා ඒ ගැන මට මොනවත්ම කියන්න බැහැ. ඒත් එවැනි දේ සිදුවන බව නම් දන්නවා. බොහෝ අය ඒ ගැන නිහඬව ඉන්නවා. නමුත් කන්ගනා වගේ ඉහළ තලයේ නිළියක් ඒ ගැන හඬක් නගපු එක ගැන සතුටුයි.

ඔබේ ආදර ලෝකය ගැන නම් තවමත් අහන්න ලැබිලා නෑ.. ඒක රහසක්ද?
(සිනාසෙමින්) රහසක් වෙන්නෙ එහෙම දෙයක් තිබුණොත්නෙ. සාමාන්‍යයෙන් උදන්ම ගිහින්  ? 11 ට විතර ගෙදර එන, වැඩිය සමාජශීලී නැති මම වගේ කෙනෙක් කොහොමද ආදරවන්තයෙක් හොයාගන්නෙ? අනික දෙමාපියන්ගෙන් සහෝදරයන් ගෙන් මට අවශ්‍ය ආදරය ලැබෙන නිසා මට ආදරවන්තයෙක්ගේ අවශ්‍යතාව තවම දැනිලා නැහැ.

නමුත් ඔබ පෞද්ගලික ජීවිතයත් වෘතීය ජීවිතයත් යන දෙකම සමබරව ගෙනයන කෙනෙක්?
එහෙම දෙයක් නම් නෑ. මම මහන්සි වෙලා ආවම සමහර වෙලාවට දෙමාපියන් එක්ක ඉන්න එකත් කරදරයක් වගේ දැනෙනවා. ඒ නිසා මම හිතන්නෙ නෑ මට ආදර සම්බන්ධයක් සාර්ථකව ගෙනියන්න පුලූවන් කියලා. මම කැමති තනිකමට.

ඔබ ක්ෂේත‍්‍රයේ රංගන ශිල්පියෙක් සමග සම්බන්ධ වීමට අදහසක් තියෙනවද?
නෑ.. එහෙම කිසිම අදහසක් නම් නෑ.

හේතුව?
මම කැමති මගේ නිදහස් ජීවිතයට. තවත් ප්‍රශ්න මගේ ජීවිතයට එකතු කරගන්න මගෙ කිසිම අදහසක් නෑ.

එහෙනම් ඔබ කැමති මොන වගේ කෙනෙක්ටද?
විවාහ වීම අනිවාර්ය දෙයක් නෙමෙයි. කැමති නම් විවාහ වෙන්නත් අකමැති නම් එහෙම නැතිව ඉන්නත් හැමෝටම නිදහස තියෙන්න  ඕනෑ.. විවාහ වෙනවා නම් මම කැමති මාව සම්පූර්ණ පුද්ගලයෙක් කරන්න පුළුවන් කෙනෙක්ට විතරයි. මම තරමක් වෙනස් කෙනෙක්.

උපුටා ගැනීම Filmfare සගරාව

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =

To Top