Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Book Library

මහින්ද වත් අඬවපු පොත් එළිදැක්වීමේ ඇත්ත කතාව

Book

මාධ්‍යවේදී ජීවන පහන් තිළිණ රචනා කරපු දෙවෙනි පොත “LTTE සිර කදවුරක අවුරුදු 5ක්” නමින් එළිදැක්කා. ජීවන ගේ දෙවෙනි පොත වෙන මේ පොත රචනා වෙන්නෙ LTTE සිර කදවුරක ජීවත් වුන මිනිස්සු පිරිසකගෙ අත්දැකීම් අළලලා. ඔවුන් විදි අමිහිරි
වේදනාවක් සියල්ලක්ම පාහේ මේ පොතේ ඇතුලත්. මේ පොතේ ඇතුලත් වෙලා තියෙන සියලු සිදුවීම් සත්‍ය සිදුවීම් කියලයි ජීවන කියන්නෙ. ඒ වගේම ලෝකයේ හිර කදවුරු ගැන පොත් කොච්චර ලියවුනත් LTTE හිර කදවුරක් ගැන මේ පොතක්
ලියවෙන පළමු අවස්ථාව කියලයි අපි හිතන්නෙ.

මේ මිනිස්සුන්ට හිර කදවුර ඇතුලෙදි විදින්න සිද්දවෙච්ච වද වේදනා කියවන ඔබට විශ්වාස කරන්නවත් බැරි වේවි. ඔවුන් අවුරුදු තුනක්ම ඉන්නෙ කකුල් වලට දාලා වෑල්ඩින් කරපු යකඩ දම්වැල් එක්ක. කෑමක් බීමක් නෑ. මිනිස්සු බලාගෙන ඉන්නකොට මැරෙනවා. අවුරුදු තුනක්ම ඇදගන ඉන්නෙ එක ඇදුම. කටු තියෙන තල්පිතිවලින් ගහලා පිටවල් පැලෙනවා. කොබ්බෑකඩුව මහත්තයා එක පැත්තකින් ආපු වෙලාවෙ, ප්‍රේමදාස මහත්තයා මැරුණ වෙලාවෙ, චන්ද්‍රකා නෝනා ජනාධිපති වෙච්ච වෙලාවෙ LTTE කාරයො මොනව ද කලේ. ප්‍රසිද්ධ LTTE කාරයො කවු ද? LTTE එක ඇතුලෙ තිබුණ උත්සව ඇදහිලි මොනව ද? මේ ඔක්කොම මේ පොතේ අන්තරගතයි.

ඒ වගේම මේ හැම එකක්ම ඇසින් දුටු සාක්ශි.

ජීවනගේ මේ පොතේ එළිදැක්වීම සැප්තැම්බර් මාසෙ 13වෙනි දා කොළඹ 7 ජාතික පුස්තකාළ ශ්‍රවණාගාරයේ දි පැවැත්වුණා. ඒ අවස්තාවට සහභාගි වෙච්ච හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටත් ඇඩුනා. මේ පොත BMICH එකේ තියෙන Book Fair එකේදි මිලට ගන්න තියෙනවා කියලයි ජීවන කියන්නෙ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − seventeen =

To Top