Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ලොව ලොකුම ගුවන්යානය 14 දා කටුනායකට

katunayake international airport

ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයේ ප්‍රථම වරට, මේ මාස 14 වැනිදා පස්වරු 4.10 ට විශාලතම එයාර් බස් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බස්සවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඊයේ (08) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කළ ඒ මහතා, කටුනායක නව ගුවන් පථය විවෘත කිරීමෙන් අනතුරුව එයාර් බස් විශාලතම ගුවන් යානයක් ගොඩ බස්සවන ප්‍රථම අවස්ථාව මෙය බවත් සඳහන් කර සිටියේය. මීටර් 45 ක් පළල්ව පැවති කටුනායක ගුවන් පථය මේ වන විට දෙපසට මීටර් 15 කින් යුතුව මීටර් 75 ක් දුරට පළල්ව පවතින බවත්, මීටර් 3335 ක දිග ප්‍රමාණයකින් සමන්විත වන එහි එයාර් බස් ගුවන් යානා ගොඩ බැස්ස වීම පහසු කාර්යයක් බවත් අශෝක් අබේසිංහ මහතා එහිදී වැඩිදුරත් සඳහන් කළේය.

ආසියාතික රටවල් අතරින් සුවිශේෂ ගුවන් පථයක් ඇති ශ්‍රී ලංකාව කෙරෙහි මේ වන විට ලොව අනෙකුත් රටවල් බොහොමයක අවධානයද යොමු වී තිබේ.

ඒ අනුව වැඩි සංචාරක පිරිසක් ඉදිරියේදී රටට ගොඩබැස්ස වීමටද නියමිතව ඇත. එය මේ රටේ ආර්ථිකයටද බෙහෙවින් ඉවහල් වන කාරණයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top