Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

කොළොන්නාවේ අතුරුදන් වීමට 8 දෙනෙක්‌ රිමාන්ඩ්

kolonnawa kidnap case

පසුගිය 14 වැනිදා සිට අතුරුදන්ව සිටි කොළොන්නාව සාලමුල්ලේ පදිංචිව සිටි බාල වයස්‌කාර දැරියන් දෙදෙනා හා 19 හැවිරිදි විවාහක කාන්තාවත් ඔවුන් තිදෙනා රඳවාගෙන සිටි නිවසේ හිමිකාරිය, එක්‌ තරුණියකගේ පෙම්වතා යෑයි කියන පුද්ගලයා ඇතුළු තවත් තිදෙනකුත් ලබන 1 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඩී. එම්. වැලිගොඩපිටිය මහතා ඊයේ (19 දා) පස්‌වරුවේ නියෝග කළේය.

බාල වයස්‌කාර තරුණියන් දෙදෙනා රන්මුතුගල ළමා නිවාසය භාරයේ රඳවා තබා ගන්නා ලෙසටද අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

එලෙස අතුරුදන් වූ බාලවයස්‌කාර තරුණියන් දෙදෙනා හා විවාහක කාන්තාව ගම්පහ හා වැල්ලම්පිටිය පොලිසියට භාරවීමෙන් අනතුරුව ලබාගත් තොරතුරු ඔස්‌සේ පරීක්‌ෂණ පැවැත් වූ වැල්ලම්පිටිය පොලිසියේ ස්‌aථානාධිපති නිශාන්ත සංජීව මහතා ඇතුළු නිලධාරීන්a ඔවුන් රඳවා ගෙන සිටි නිවසේ හිමිකාරිය හා ඒ සඳහා ආධාර අනුබල දුන් තවත් පිරිමි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් හය දෙනාවම ඊයේ (19 දා) පස්‌වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අතිරේක මහෙස්‌ත්‍රාත් නිල මැදිරියෙදී ඒ සම්බන්ධ නඩුව කැඳවීමට පියවර ගෙන තිබුණි.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කර තිබූ ඉල්ලීම් ප්‍රතික්‌ෂේප කර තිබූ අතිරේක මහෙස්‌ත්‍රාත් විමර්ශනවල ප්‍රගතිය ලබන 1 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කොට එම රක්‌ෂිත නියෝගය නිකුත් කර තිබුණි.

දිවයින – 2017.10.20

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 12 =

To Top