Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

සංගක්කාර 2020 ජනපති කරවන්න උපරිම සහාය දෙනවා – රාජිත කියයි

Kumar Sangakkara

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන්නේ නම් හැකි උපරිම සහයෝගය ඒ මහතා වෙත ලබාදෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අද පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

සංගක්කාර මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ යටතේ ඉදිරිපත් වන්නේදැයි එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටි අතර, ඊට පිලිතුරු දෙමින් සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ඒ පිළිබඳ එක්සත් ජාතික පෙරමුණ කතාකර නොමැති බවත්, එහෙත් එක්සත් ජාතික පක්ෂය කතා කළාද යන්න පිළිබඳ තමන් නොදන්නා බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five − 3 =

To Top