Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

ජන්ද දායකයින්ගෙන් කුමාර් සංගක්කාර කරන ඉල්ලීම

මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා තියෙන්නේ 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය, දිනෙන් දින ඡන්ද උණුසුම වැඩිවෙද්දී ඒ පලවෙන කතාබහ වැඩිවෙන්න පටන් අරන් තියෙනවා. කොහොම වුණත් අද (7) මධ්‍යම රාත්‍රියෙන් පසුව නම් මැතිවරණ ප්‍රචාරණ කටයුතු නීතියෙන් තහනම්.

මේ පවතින මැතිවරණ උණුසුම තවත් වැඩිකරමින් අපේ රටේ නම් ජාත්‍යන්තරයට අරන් ගිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර මැතිවරණය සම්බන්ධයෙන් සිය අදහස ඔහුගේ ට්විටර් ගිණුමේ පලකර තිබෙනවා.

කුමාර් සංගක්කාර Twitter පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ ,

ඔබ ලංකාවේ කොහේ ජීවත් වුණත් ලබන 10 වැනිදා තියෙන ඡන්දෙදි මතක තියාගන්න ඕනේ කරුණක් තිබෙනවා. නරක පුද්ගලයන් පත් නොකිරීමට වගබලාගන්න.. හොඳ පුද්ගලයින් විසින් නරක පුද්ගලයින් තේරීමෙන් වලකින්න

මේ බව සංගක්කාර වැඩිදුරටත් පැහැදිලි කර තිබෙන්නේ ඇමරිකානු 6 වැනි ජනාධිපති John Quincy Adams මහතා විසින් පැවසූ පාඨයක් ද උදාහරණයට ගනිමින්.
කොහොම වුණත් කුමාර් සංගක්කාරගේ මේ ප්‍රකාශය මඟින් සමාජයට යහපත් පණිවුඩයක් ලබා දෙන බවයි බොහෝ දෙනාගේ අදහස වී තිබෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 1 =

To Top