Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඒකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ – සංගා

Kumar Sangakkara

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව වෙනස් විය යුතු බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ක්‍රීඩා අමාත්‍යංශයේදි විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් අනතුරුවයි.

මම ක්‍රිකට් ක්‍රීඩයෙක්. ඉතිං නිලවරණයට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම හිතන්නේ හැම වෙලාවෙම ක්‍රිකට් පාලක මණ්ඩලයයි, ව්‍යවස්ථාවයි, ව්‍යුහයයි හරියාකාරව, අලුත් විදියකට, අලුත් ක්‍රමයකට හදන්න අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව හරි අමන් විදියට පාවිච්චි කරලා හැදුවොත් එන එන පුද්ගලයන්ව ඉලක්ක කරගන්න ඕනෙත් නැහැ. මේ පුද්ගලයාව ඒ පුද්ගලයාව කියලා ඉලක්ක කර ගන්න ඕනෙත් නැහැ. කවුරු ආවත් ක්‍රිකට් ව්‍යුහයයි ව්‍යවස්ථාවයි ශක්තිමත්ව තියෙයි ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනි යන්න. අපි හැමවෙලාවෙම කියන්නේ ඒක තමයි ඒ ව්‍යුහය හදන්න ඕන නම් හැම වෙලාවෙම ක්‍රීඩා නීතියත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවත් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කුමන හෝ දේශපාලන නායකත්වයක් එක්ක විතරයි කියන එක.

ප්‍රශ්නය – වර්ථමාන අමැතිවරයාගෙන් සාධාරණයක් ඉටුවෙයි කියලා හිතනවාද ?
ඔව් අපි හැමදාම බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒක තමයි. මම හිතන්නේ මේක ඇමතිවරයාට පමණක් නෙවෙයි සාමූහික ප්‍රයත්නයක් වෙන්න ඕනේ, ඒ කියන්නේ එක පුද්ගලයෙක්ගේ ආශාවකට හෝ හිටපු ක්‍රීඩකයෙකුගේ ආශාවකටවත් මගේ ආශාවකටවත් නෙවෙයි ක්‍රිකට් ගැන පොඩ්ඩක් ගැඹිරින් හිතලා ඒ දේ කුමන කමිටුවක් විසින් සකසලා අපි හෝ කවුරු හෝ වේවා ඉදිරිපත් කරාම ඒක වෙනස් කරන්න මූලිකත්වයක් දීලා වෙනස් කරනවා නම් මම හිතන්නේ ඒක ලොක දෙයක්.

ප්‍රශ්නය – ඔබතුමා ඉදිරියේදී මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවාද ඉදිරියේදී ?
ඒක මට මැදිහත් වෙන්න එහෙම කියලා බැහැ මම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් විතරයි. මගේ අදහස හැමවෙලාවෙම හරියන්නෙත් නැහැ, මගේ අදහස හැමවෙලාවෙම හරි කියලා කියන්නත් බැහැ. නමුත් ඉතිං මට කරන්න පුළුවන් මගේ අදහස් පළකරන එක විතරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 8 =

To Top