Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

කැනඩාවට ගිහිල්ලත් මාලිංග වැඩ පෙන්නලා – දැන් ඉන්නේ දෙවැනි තැන

Lasith Malinga

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව සිටින ලසිත් මාලිංග කැනඩාවේ පැවැත්වෙන ගෝලීය විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේදී පන්දු යවන්නන් අතර දෙවැනි තැනට පත්ව තිබෙනවා.

මාලිංග තරග හතරකදී කඩුලු නවයක්‌ දවාගෙන ඇති අතර ඔහු තවත් කඩුල්ලක්‌ ලබා ගතහොත් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වශයෙන් කොදෙව් ක්‍රීඩකයා සමග සමතැනට පත්වනවා. මාලිංගට තරගාවලියේ තවත් ඉතිරිව ඇත්තේද එක්‌ තරගයක්‌ පමණයි.

කණ්‌ඩායම් හයක සහභාගීත්වයෙන් ලොව නම් දැරූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම තරගාවලිය නියෝජනය කරන අතර එහිදී මාලිංග විසින් මොන්ට්‌රියල් ටයිගර්ස්‌ කණ්‌ඩායමේ නායකත්වය දරමින් කඩුල්ලක්‌ ලබා ගැනීමේ සාමාන්‍ය 13.44 ක්‌ සහ ඔහුගේ පන්දුවාරයකට ලබාදී ඇති ලකුණු සාමාන්‍ය 7.56 ක්‌ වශයෙන් සටහන් කරගෙන තිබෙනවා.

නමුත් මාලිංගගේ පිල සහභාගි වු තරග හතරේ තුනක්‌ම පරාජය වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව තිබුණද දකුණු අප්‍රිකානු සංචාරයට පුහුණුවීම් හේතුවෙන් ඔවුන්ව රදවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තීරණය කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top