Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

පොත්ත අතගාලා අරටුව ගැන කියන්න එපා මාලිංග කියයි

Lasith Malinga

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 15 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්ව යෑමට පෙර ඊයේ (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් විවිධ අදහස් පල කර සිටියා.

එහිදී වේග පන්දු යවන සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග ද අදහස් පලකරමින් මෙසේ කියා සිටියා.

එම මාධ්‍ය හමුවේදී ලසිත් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කියා සිටියා …

“මගේ ලොකු බලාපොරොත්තු නෑ. එදත් තිබුණේ නෑ. අදත් නෑ. මම මුලින්ම බලාපොරොත්තු වෙන්නේ කණ්ඩායමේ එකොළොස් දෙනා අතරට එන්න. එහෙම ආවොත් හොදින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේ කරන්න පුළුවන් වුණොත් ඊළඟ තරගය ලැබෙයි”

“මට මා විශ්වාසයි. මට අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මම හිතනවා මගේ ක්‍රිකට් බලපු කවුරු හරි ඉන්නවා නම් මම ඕවර 50 තරගවල පන්දු යවපු හැටි දැකලා තියෙනවා කියලා”

“මගේ සාර්ථක වෙච්ච අවස්ථා කවුරුත් දැකලා නෑ. අසාර්ථක දේ දැකපු කට්ටිය ගොඩක් ඇති. සමහර විට සාර්ථක වෙයි. සමහර විට අසාර්ථක වෙයි. මම ඒ දෙකම සතුටින් බාරගන්නවා”

එම මාධ්‍ය හමුවේදී නායක ඇන්ජලෝ මැතිව්ස් දැක්වූ අදහස්….

“මෙය ආසියාවේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය. 2014 මෙම තරගාවලියේ හොඳ මතකයක් අපිට තියෙනවා. අපි අවසන් මහ තරගයේදී පාකිස්තානය පරාජය කළා. නමුත් පසුගිය දේවල් පහුවෙලා ඉවරයි, දැන් එය ඉතිහාසය. මෙය අලුත් අසියානු කුසලාන තරගාවලියක්, නව කණ්ඩායම්ක්, නව අභියෝගයක්”

“මෙවර වෙනස්ම අභියෝගයක්, එයට මුහුණ දෙන්න අපි සූදානම්”

“බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය පහසුවට ගන්න බෑ. මේ තරගාවලිය පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට සමාන තරගාවලියක්. බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය පසුගිය කාළයේ හොඳට ක්‍රීඩා කළා අපි දැක්කා. ඒ නිසා සෑම තරගයක්ම හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − two =

To Top