Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

ජනබලය කොළඹට ආපු හැටි – ඇවිත් කරපු දේ

mahinda rajaoaksha

ජන බලය කොළඹට කියන තේමා පාඨය මුල්කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය ඊයේ උදේ ඉදලා ලක ලැහැස්තිවෙලා විරෝධතාවයෙන් කොළඹට ආවා.

මේ අවස්ථාවට ඊයේ දවල් වෙද්දි මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි නාමල් රාජපක්ෂයි ඇතුළු ඒකාබද්ධයේ ප‍්‍රබල සාමාජිකයන් වගේම එයාලගේ ආධාරකරුවන් ද එක්වෙලා හිටියා.

කොළඹ නගරය මාර්ගවල් අඩපනවා කරන්න මේ කණ්ඩායම උත්සාහ දැරූවද එය එතරම් සාර්ථකම වුනේ නැහැ කියලයි පොලීසිය කියන්නේ.

ජනතාව කලින්ම දැනුවත්වීමත් එක්ක විරෝධතාව පැවැත්වෙන්න තියෙන මාර්ග ගැන දැනුවත්වීමත් එක්ක රථ වාහන රියදුරන් වෙනත් අතුරු මාර්ග හරහා තමන්ගේ ගමනාන්තය කරා යන්න කටයුතු කළා.

ඒ කොහොම වුනත් ඊයේ දවසේ කොළඹ නගරයේ ප‍්‍රධාන පාසල්වල වගේම රුකියා ස්ථානවලද සේවයට වාර්තා කළ පිරිසගේ ද අඩුවක් දකින්නට ලැබුනු බවයි වාර්තා වන්නේ.

ඒකාබද්ධ විපක්ෂයේ මේ විරෝධතාවයට කොළඹ ලේක් හවුස් වටරවුමට සහ හිල්ටන් හෝලටය ඉදිරිපිට මංසන්ධියට විරෝධතාකරුවන් මෙන්ම මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ඊයේ සත්‍ය ග‍්‍රහයක් ආරම්භ කළා.

ඊයේ රුය පහන් වන තුරු ඔවුන් සත්‍ය ග‍්‍රහයේ නිරත වුනේ මේ විදිහටයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − ten =

To Top