Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

ඔව්… අපේක්‌ෂකයා මම වෙන්නත් පුලුවන්, හිටපු ජනපති මහින්ද කියයි

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දැඩි දේශපාලන කතාවෙන් දේශපාලන වේදිකාව රත්වී ඇති මොහොතක, අපි හමුවූවේ, ශ්‍රී ලංකාවේ පස්‌වැනි ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතායි. විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක්‌ ගැනීම සඳහා ඔහුගේ නිල නිවසේ ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවක්‌ පැවැත්වෙමින් තිබුණා. එය නිමවීමෙන් පසු අනාගත දේශපාලනයේ සිය න්‍යාය පත්‍රය මහින්ද රාජපක්‌ෂ මහතා ඉරිදා පුවත්පතකට මෙලෙස පවසා සිටියා.

ප්‍රශ්නය – ශ්‍රීලනිපයේ දහසයේ කණ්‌ඩායම ඔබ හමුවී මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටිනවා. ඒ කියන්නේ ඔබ ජනාධිපති තනතුරේ කටයුතු කරද්දී තිබුණු සැලුන් දොර ආයෙත් ඇරලද…?

පිළිතුර – ඔය සැලුන් දොර අවශ්‍ය වෙලාවට අරින්න ඕනේ… එහෙම නැතුව අපේ ගොඩ වැඩිවෙන්නේ නැහැනේ… අපේ ඡන්ද ගොඩ වැඩිකර ගන්න නම්, එහෙම කරන්න වෙනවා. මන්ත්‍රීවරුන්ට පමණක්‌ නොවෙයි, අපිට එදා ඡන්දය නොදුන් පාක්‌ෂිකයාටත් මේ සැලුන් දොර අරින්න ඕනේ. පක්‌ෂයක්‌ ජයග්‍රහණය කරා යනවා කියන්නේ ඒකයි. එදා අපේ සමහරු එජාපයේ සහ විජාතික බලවේගයන්ගේ වුවමනාව සපුරන්න අපෙන් ගියා. එහෙම ගියහම ඒ පැත්තේ අය අපට විරුද්ධව ඒ අයව පාවිච්චි කළා. එහෙම කරලා තමයි, අපිව පරාජයට පත් කළේ. ඒ න්‍යාය අනුව අපිත් කටයුතු කරන්න ඕනේ. අපිට කවුරු හරි අවංකව එකතු වෙනවා නම් අපි ඒ අයව අපේ පිලට ගන්නවා. මේක එදා ඉඳලා තිබුණු දේශපාලන පිළිවෙතක්‌නේ…

ප්‍රශ්නය – ඔබ ජනාධිපති ලෙස කටයුතු කරන සමයේ සැලුන් දොරින් ඇතුළට ආපු එජාපයේ පිරිස්‌ නිසා එදා තිබුණු සන්ධාන ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු ආණ්‌ඩුව ගැන කලකිරුණා. පරාජයේදී ඔබ අත්හැර නොගිය පිරිස, මේ දහසය දෙනාගේ එක්‌වීම නිසා කලකිරෙන්න පුළුවන් නේද…?

පිළිතුර – මේ දහසය දෙනා අපි සමග ඒකාබද්ධ විපක්‌ෂයේ නොසිට ආණ්‌ඩුවට එකතුවුණු එක ඇත්ත… ඒ වුණාට පසුගිය ජනාධිපතිවරණයේදී මේ දහසය දෙනා වැඩ කළේ මට. ඒ අය මෛත්‍රීට වැඩ කළේ නැහැ. එහෙම තියෙද්දී ඒ අය එක්‌ක මෛත්‍රී වැඩ කළා. කාටවත් කලකිරෙන්න දෙයක්‌ නැහැ. මේ සියලු දෙනා අපේ අය. කෙටි කාලයක්‌ අපිත් එක්‌ක නොසිටියාට අපි සමඟ ඔවුන් කටයුතු කරන්න ලැහැස්‌ති නම්, ඇයි අපි ඔවුන්ගේ පැමිණීම භාර නොගෙන ඉන්නේ…? එදා අපිත් එක්‌ක එජාපයේ දාහතක්‌ එකතු වුණා. ඒ අයට සලකනවා කියලා චෝදනා කරපු අය තමයි, පස්‌සේ කාලෙක අපිට එරෙහිව ගිහිල්ලා, එජාපයට එකතු වුණේ. එජාපයේ ඉඳලා ආපු ගාමිණී¨ ලොකුගේ, ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, කෙහෙළිය වගේ අය නොසැලී අපිත් එක්‌ක ඉන්නවානේ. එදා, එජාපයේ ඉ`දලා ආණ්‌ඩුවට ආපු අය නිසා අපි සන්ධානයේ අයට කිසිම අසාධාරණයක්‌ කළේ නැහැ. එක එක්‌කෙනා තමන්ගේ පටු පරමාර්ථ සහ බලලෝභය සපුරා ගන්න, සන්ධානයේ අයට සලකන්නේ නැහැ කියලා, කතා පැතිරෙව්වා. එහෙම කතා පතුරවපු අය අන්තිමට ගිහිල්ලා වැටුණේ අලියාගේ ඔඩොක්‌කුවට. මෙතැනදී යූඇන්පීකාරයාද, ශ්‍රීලනිපකාරයාද කියන එක නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ… අපේ දේශපාලන බලවේගය ශක්‌තිමත් කර ගැනීම සඳහා අපිට පිරිස්‌ එකතු කර ගන්න වෙනවා. අපිත් එක්‌ක පරාජයේ සිට හිටපු පිරිස අපි කොහොමටවත් අමතක කරන්නේ නැහැ. ඒ අය තමයි ඒකාබද්ධ විපක්‌ෂය ගොඩනැගුවේ. දහසය දෙනා ගත්තත් ඒ පිරිස, එජාපය සමඟ හදපු ආණ්‌ඩුවේ තනතුරු ගත්තත්, ඒ ඇමතිකම් අත්හැරලා, අපිත් එක්‌ක එකතු වෙන්න සූදානම් නම්, අපි ඒ පිරිසටත් අවස්‌ථාවක්‌ දෙන්න ඕනේ. මේ දහසය දෙනා එකතුවෙන්නේ අපේ ප්‍රතිපත්ති යටතට. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව අපිට දුන්න දේශපාලන වරම, මීටත් වඩා ශක්‌තිමත් ජයග්‍රහණයක්‌ කරා ගෙනියන්න නම්, ආණ්‌ඩුව ගැන කලකිරුණු මේ වගේ පිරිස අපිට එනවා නම්, ඒ අයට අවස්‌ථාවක්‌ දෙන්න වෙනවා.

ප්‍රශ්නය – මේ දහසය දෙනා එනවාට ඔබ සමග සිටින ඒකාබද්ධයේ සමහරුන්ගේ විරෝධතා තිබෙනවා නේද…?

පිළිතුර – ඔව්, සමහරු විරුද්ධයි… ඒ විරුද්ධතාවය සඳහා හේතු තියෙනවා. මේ දහසය ආපහු යයි ද…? මේ අය ඇවිල්ලා මොනවා කරයි ද…? මේ කට්‌ටිය අපිව කොහේට ඇදගෙන යයිද…? වගේ දේවල් සමහරු අහනවා. අපිව එහෙම කොහෙටවත් ඇදගෙන යන්න බැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. එහෙම කාටවත් අපිව ඇදගෙන එහෙ මෙහෙ යන්න බැහැ. අපිට නඩු දාලා, මඩ ගහලා, මගේ දරුවෝ හිරේ දාලා, මාත් එක්‌ක දේශපාලනය කරන මන්ත්‍රීවරු හිරේ දාලා, ඒ අයගේ පවුල්වල අය හිරේ දාලා, අපිව ඒ අයගේ අරමුණුවලට ඇදගෙන යන්න බැරි වුණා නම්, අපි ළඟට එන දහසය දෙනෙකුට එහෙම අපිව ඇදගෙන යන්න පුළුවන් ද…?

ප්‍රශ්නය – මේ දහසය දෙනාගේ කල්ලියේ සමහරු සඳහන් කරන්නේ, ඒ අයගේ අනාගත ජනාධිපති අපේක්‌ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බවයි… එතැනම ඒකාබද්ධයේ මතය සමඟ ඒ අය පෑහෙන්නේ නැති බව පෙනෙනවා නේද…?

පිළිතුර – ඒ අය අපි සමඟ එකතු වෙන්නේ ඇයි කියන එකයි මෙතැනදී වැදගත් වන්නේ. ඔවුන්ගේ පැත්තෙන් බැලුත් ඒ අය අද වෙනකොට දේශපාලන අනාථයන් පිරිසක්‌ බවට පත්වෙමින් තිබෙනවා. මේ ආණ්‌ඩුව වැනි දූෂිත රජයක්‌ ලෝකයේ කොහෙවත් නැතුව ඇති. ජනාධිපති විසින් පත් කරන මහ බැංකුවේ අධිපති, මහ බැංකුව භාරව සිටින අගමැතිගේ අනු දැනුම ඇතිව මහ දවාලේ මහ බැංකුව කොල්ල කනවා. හම්බන්තොට වරාය වැනි ජාතියේ හදවත් තුට්‌ටු දෙකට, අත යටින් එන ගනුදෙනු පතා විකුණනවා. රටේ ආර්ථික වර්ධන වේගය තුනට යනවා. මෙහෙම ආණ්‌ඩුවක ඉන්න අයට අනාගතයක්‌ නැහැ කියලා තේරෙන, ඒ දූෂණවලට එරෙහිව සිටින අය ආණ්‌ඩුවෙන් එළියට එනවා. නැව ගිලෙන කොට ඒ නැවේ ඉන්න මියොත් එළියට පනිනවා වගේ වැඩක්‌ තමයි මේ වෙන්නේ… දහසය දෙනා අපි ළඟට එන්නේ, අපේ ප්‍රතිපත්ති, අරමුණු, නායකත්වය පිළිගෙන… ජෝන් සෙනෙවිරත්න ඒ බව පැහැදිලිවම කිව්වා. ඔවුන් ඒකාබද්ධ විපක්‌ෂය සමඟ එකතුවී, මගේ නායකත්වය යටතේ සිටින බව ජෝන් මාධ්‍යයට කිව්වා. ආණ්‌ඩුවේ බංකොලොත්භාවය සහ අපේ ජයග්‍රාහි බව පේන්න මේ අය අපිට එකතුවීම වැදගත්. තාමත් ඒ අය සිටින්නේ ශ්‍රීලනිපයේ නිසා, තමන්ගේ පැවැත්මට එක එක ඒවා කියනවා ඇති. මේ දහසය දෙනාට මේ ආණ්‌ඩුව පෙරලන්න අවශ්‍යතාවයක්‌ තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ ආණ්‌ඩුව ප්‍රොaඩාකාරී ලෙස හදාගෙන තියෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය අපි නැති කරලා දාන්න ඕනේ. ඒ සඳහා මේ දහසය දෙනාගේ සහය අපිට අවශ්‍යයි. මේ රටේ ඒකීයභාවය අහෝසි කරන බෙදුම්වාදයට උඩගෙඩි දෙන ව්‍යවස්‌ථා සංශෝධන කරන්නේ තුනෙන් දෙකේ බලය තිබුණොත් විතරයි. ඒ වගේම දේශපාලන පළිගැනීම් යාන්ත්‍රණ හදන්නේ, රටේ සම්පත් විකුණා දැමෙන්නේ, මේ ප්‍රොaඩාකාරී තුනෙන් දෙකේ බලය උපයෝගී කරගෙනයි.

ප්‍රශ්නය – සෝභිත ස්‌වාමීන් වහන්සේ අනුස්‌මරණය කිරීම සඳහා පැවති උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි ස්‌වරයෙන් කතාවක්‌ පැවැත්වූවා. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඔහු විසින් කරන ලද හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්‌ද…?

පිළිතුර – ඒ කතාවෙන් පෙනී යන්නේ අපි කියපු දේ හරි කියන එකනේ… පොදු අපේක්‌ෂකයා ජයග්‍රහණය කළොත් ඔය අනාථභාවයට රටත්, එයත් ලක්‌වෙන බව අපි එදා පැහැදිලිවම කිව්වා. අද ඒ දේ සැබෑ වෙලා තියෙනවා. එජාපයේ සහ දෙමළ සන්ධානයේ පිහිටෙන් එයා බලයට ආවා. සුළුතරයක්‌ තිබ්බ එජාපයේ රනිල්ට අගමැතිකම දුන්නා. ඒ විතරක්‌ නෙමෙයි තමන්ට තිබ්බ බලෙත් රනිල්ට දුන්නා. අන්තිමට අගමැතිව අයින් කරගන්න බැරි ජනාධිපති කෙනෙක්‌ බවට පත්වුණා. ඔය පුටුවේ අපි හිටියා නම් අපි දන්නවා අගමැතිව ගෙදර යවන හැටි. මේ අඳෝනාව තමයි අද ජනාධිපතිතුමා රට වටේ කියාගෙන යන්නේ… රට හැම පැත්තෙන්ම කඩාවැටිලා… ජනතාවට රැකියා නැහැ. ආදායම් මාර්ග වැසී යමින් තිබෙනවා. ආයෝජකයන්ගෙන් ජනාධිපති කාර්යමණ්‌ඩල ප්‍රධානියා අල්ලස්‌ අරගෙන අතටම අහුවෙනවා. ඒ එක්‌කම අහුවෙන අනිත් කෙනා හිටපු ජනාධිපතිතුමියගේ වර්තමාන සම්බන්ධිකරණ ලේකම්තුමා. මේ වගේ රටකට ආයෝජකයෝ එයිද..ඒවා පැත්තක තියලා ‘මට බැහැ….’ කිය කියා ජනාධිපතිවරයා රට වටේ අඬ අඬා යනවා. මෙහෙම කෙනක්‌ ඔය පුටුවේ ඉන්න කොට උතුරේ යුද්ධය තිබුණා නම් ප්‍රභාකරන් රට අල්ලන්නේ ටෙලින්ෆොන්  එකකින්. මෛත්‍රීගේ කතාවෙන් පෙනී යන්නේ, ජනවාරි අටවැනිදා ඉඳලා අවුරුදු තුන හමාරක්‌ම රටේ ආණ්‌ඩුවක්‌ තිබිලා නැහැ කියන එකනේ… මේ රට පත්වෙලා තියෙන අරාජිකත්වයට හේතුව එයාම කියලා තියෙනවානේ… එහෙනම් තවත් රට අරාජික නොකර මහ මැතිවරණයක්‌ පවත්වන්න කියලයි අපි කියන්නේ…

ප්‍රශ්නය – ජනාධිපතිතුමා අසරණභාවයකට පත්වෙලා තිබෙන බව සහ ඔහු වටා සිටින බලවේග ඔහුගේ ප්‍රතිපත්තිය නොතකා ඊට එරෙහිව වැඩ කරන බව නේද ඔහුගේ කතාවෙන් පෙන්නුම් කළේ…

පිළිතුර – ඉතා පැහැදිලිවම ඔහු අද අසරණ වෙලා… ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්‌සේ මොකද වෙන්නේ කියලා ඔහුට හිතා ගන්න බැහැ. ඔහුගේ දේශපාලන අනාගතය, පුද්ගලික අනාගතය යන සියල්ලම අඳුරක ගිලිලා තියෙන්නේ කියලා එයාට පේනවා. එදා කතාවෙන් ඔහු දොස්‌ පැවරුවේ, එජාපයට… අගමැති රනිල්ට… ඒ උත්සවය සඳහා ජනාධිපතිතුමාට ආරාධනයක්‌ කරලා තිබ්බේ නැහැ. ඒත් ආරධනා පත්‍රයේ එතුමා සහභාගිවෙන බව සඳහන් කරලා තිබුණා. ඒ විදිහට තමයි එජාපය රට කරගෙන යන්නෙත්. ජනාධිපතිගේ නම ගහගෙන රාජ්‍ය දේපළ කුණු කොල්ලයට විකුණනවා… රටේ ඒකීයභාවය අහෝසිවෙන ආකාරයේ සැලසුම් සකස්‌ කරනවා. රටේ ලොකුම හොරකම් කරනවා. ජනාධිපති ඒවා දැනගන්නේ පත්තරයෙන්… අඩුම ගානේ එජාපය සංවිධානය කරන උත්සවයකටවත් එතුමාව සහභාගී කරව ගන්නේ නැහැ. එදා සෝභිත හාමුදුරුවන්ගේ උත්සවයට එතුමා ගියේ නැත්නම්, එජාපය වෙබ්වලින් ෙෆ්ස්‌ බුක්‌ එකෙන් මෛත්‍රීට මඩගහනවා, ආරාධනයක්‌ තිබිලත්, සෝභිත හාමුදුරුවෝ සමරන උත්සවයට ආවේ නැහැ කියලා… ඒක තමයි අද මෛත්‍රීගේ ඉරණම වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය – ජනවාරි නව වැනිදා ඔබ පරාජයට පත්වෙනවා. ඊට පස්‌සේ ඔබ තංගල්ල බලා පිටත් වෙනවා. ඒ යන්නේ ආණ්‌ඩුවේ හෙලිකොප්ටරයක නැගලා… ඒ සඳහා ඔබට අවසර දුන්නේ කවුද…?

පිළිතුර – මට මොකටද කාගේවත් අවසරයක්‌… මම ගෙදර ගියේ කවුරුවත් දුන්න හෙලිකොප්ටරයකින් නෙමෙයි. ඒ වෙලාවෙත් මේ රටේ ජනාධිපති මමයි. ඡන්ද ප්‍රතිඵලය එන්නත් ඉස්‌සෙල්ලා, මම ගෙදර ගියා. සමහරු පක්‌ෂ නායකත්වයෙන් යන්නේ නැතුව දඟලන කොට අපි ජනතා මතයට හිස නමලා ඒ පුටුව දාලා ගෙදර ගියා. ඒකට මම කාගෙන්වත් අවසර ගන්න ඕනෙද…?

තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ මොනවද දන්නේ නැතිවා වගේම තමන් ජනාධිපති වුණේ කවදා කොයි මොහොතේ සිට ද කියා දන්නෙත් නැති එයා දැන් අපිට මඩ ගහනවා. 2016 අප්‍රේල් මාසයේ මෛත්‍රීම කියනවා, මට යන්න හෙලිකොප්ටර් දුන්නේ එයා කියලා. දැන් එයා ගුවන් හමුදාපතිගෙන් අහනවා මම හෙලිකොප්ටරයේ ගියේ කොහොමද කියලා. මෙහෙම කොහොමද ආණ්‌ඩු කරන්නේ. අර්ජුන මහේන්ද්‍රන්ව අල්ල ගන්න ආණ්‌ඩුවට බැහැ. බැඳුම්කර කොමිසමට වෙච්ච දෙයක්‌ නැහැ. ඒ කොමිෂන්වලට වියදම් වුණේ ජනතාවගේ මුදල්. මහ ලොකුවට කොමිෂන් දැම්මාට අල්ලපු හොරෙක්‌ ඉන්නවද…? රැස්‌වීමක කෑගහ ගහ ගියාට රට කෙරෙන්නේ නැහැ. හොරු ඇවිල්ලා භාර වෙන්නෙත් නැහැ. අපේ හෙලිකොප්ටර් ගමන් ගැන ද ඒ අය කතා කළේ… දැන් අපිට දාන චෝදනා ඒවාට ලඝූ කරලා. මට රත්තරන් අශ්වයෝ ඉන්නවා කිව්වා. නාමල්ට ලැම්බෝගිනි තියෙනවා කිව්වා. හැබැයි අපේ ගෙවල්වල තිබිලා ඩොලර්, යුරෝ මලු අහුවුණේ නැහැ. මගේ ලේකම්ව මාංචු දාලා හිරේට අරගෙන ගියේ සිල් රෙදි බෙදුවා කියලා. නඩු තීන්දුවේම තියෙනවා, ලලිත් හෝ අනුෂ ඒකෙන් එක සතයක්‌ වංචා කරලා නැහැ කියලා. කවුරුවත් එහෙම කරලා නැහැ කියලා. ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි මහානාම අත්අඩංගුවට ගත්තේ අල්ලස්‌ ගන්න කොට… දැන් කවුද හොරු…? කවුද හොරු ළඟ තියාගෙන ඉඳලා තියෙන්නේ. මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නය මම එදා හෙලිකොප්ටරයෙන් ගෙදර ගිය එකද…? ආණ්‌ඩුවක්‌ ඇවිල්ලා, අවුරුදු තුනහමාරක්‌ වෙනවා මේ වගේ දේවල් කිය කියා ඇවිදිනවා, රණවිරුවන් හිරේ දානවා… හොරු ගැන හොයන්න කොමිෂන් දාලා, නඩු දාන්නේ නැතිව බලාගෙන ඉන්නවා… ඒවගේ දේවල් කරලා ද රටට යහපාලනය දෙන්නේ… මේ ආණ්‌ඩුව සිංහල භාෂාවේ තියෙන වචන බාල්දු කළා… යහපාලනය කියලා, ප්‍රජාතන්ත්‍රවාදය බාල්දු කරලා රටම හොර ගුහාවක්‌, පාතාල රාජධානියක්‌ කළා. සංහිඳියාව කියලා, ඊළමට වක්‍ර මාර්ගයක්‌ හැදුවා. දැන් රාජ්‍ය පාලනය කරනවා කියලා, රට වටේ අඬ අඬා යනවා.

ප්‍රශ්නය – දැන් ඔබේ ප්‍රධාන හතුරා බවට පත්වෙලා ඉන්නේ, මෛත්‍රිපාල ජනාධිපතිතුමා ද, රනිල් අගමැතිතුමා ද ?

පිළිතුර – මගේ ප්‍රධාන හතුරා රනිල්නේ… ඒක ප්‍රතිපත්තිමය හතුරුකමක්‌… ඔය බොරුවට වේදිකාව උඩ කෑගහලා, එයාත් එක්‌ක කැබිනට්‌ රැස්‌වීමේ හිනා වෙන දේශපාලනයක්‌ මට නැහැනේ. එජාපය කියන්නේ මගේ දේශපාලනයේ සදාකාලික විරුද්ධවාදියා. ඒ නිසා මට දේශපාලන හතුරා රනිල් සහ එජාපය මිසක්‌ මෛත්‍රී නෙමෙයි. එජාපයට ශ්‍රීලනිපය පාවා දුන්නේ මම නෙමෙයිනේ… ශ්‍රීලනිපයට සහ සන්ධානයට ජනතාව දුන්න ඡන්දය අරගෙන එජාපයට අගමැතිකම්, ඇමැතිකම් දුන්නේ මම නෙමෙයිනේ… ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති ඒ අය පාවලා දුන්න නිසා තමයි ජනතාව විසින් අපිට අලුත් පක්‌ෂයක්‌ හදන්න බල කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදෙන්නේ එහෙමයි.

ප්‍රශ්නය – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔබ අතර දේශපාලන කතා බහක්‌ මේ දිනවල කරගෙන යනවාද…?

පිළිතුර – නැහැ… නැහැ… එහෙම දේශපාලන කතාවක්‌ කෙරෙන්නේ නැහැ… අඩුම ගාණේ නිකං හරි විනාඩියක්‌ කතා කළේ, ළඟදි පැවැත්වුණු විවාහ මංගල්‍යයකට ඇවිල්ලා තමයි. එතුමා බොහොම කාර්යය බහුල ඇතිනේ… අපි ගිය හෙලිකොප්ටර් ගැන හොයන්න තියෙනවා… ඒ නිසා කාර්යය බහුල ඇතිනේ…

ප්‍රශ්නය – විසිවැනි සංශෝධනය පිළිබඳව මුල් අවස්‌ථාවේ සුබවාදී මතයක හිටපු ඔබ දැන් වෙනකොට එයට එරෙහිව මතයකයි සිටින්නේ… මේ වෙනසට හේතුව මොකක්‌ද…?

පිළිතුර – ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ වෙන යමක්‌ ගැන කවුරු හරි කියපු ගමන් අපි තීන්දුවක්‌ ගන්නේ නැහැ… ඒ අයගේ යෝජනාව ගෙනාවට පස්‌සේ තමයි අපි තීන්දුවක්‌ ගන්නේ. විසිවැනි සංශෝධනය මගින් ජවිපෙ හදන්නේ රනිල්ගේ සහ සුමන්තිරන්ගේ වුවමනාව ඉෂ්ට කරන්නයි. ඒ වැඩපිළිවෙළට අපිට එකඟ වෙන්න බැහැ. දැන් බලන්න ලහි ලහියේ 19 වැනි සංශෝධනය ගෙනහල්ලා මේ රටට කරපු දේ…

ප්‍රශ්නය – ඔබ දැන් ඊළඟ මැතිවරණයක්‌ සඳහා සූදානම් වෙනවා ඇති… ඒ සඳහා මොකක්‌ද ඔබේ සූදානම…?

පිළිතුර – අපි දැන් දිනලා ඉන්න පක්‌ෂයක්‌… මේ රටේ ප්‍රාදේශීය ආණ්‌ඩුව තියෙන්නේ අපේ අතේ… මේ බයට මේ අය ආයෙත් ඡන්දයක්‌ තියන්නේ නැහැ… හරියට බලනවා නම් දැන් පළාත් සභා ඡන්දය තියන්න ඕනේ. ඒ අය ඡන්දවලට බයයිනෙ… ඒ කියන්නේ මහජන මතය තමන්ට නැහැ කියලා එයාලා දන්නවා… එජාපය, මෛත්‍රී, ජවිපෙ කියන තුන්ගොල්ලොම එකතුවෙලා තමයි මේ ඡන්ද කල් දාන්නේ… අපි මේ දවස්‌වල සටන් කරන්නේ පළාත් සභා ඡන්දයක්‌ ඉල්ලලා… මේ අය ඒක පවත්වන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස… හැබැයි 2019දී ඒ අයට ජනාධිපතිවරණයක්‌ තියන්නම වෙනවා. අපි ඒකටත් ලැහැස්‌ති වෙනවා.

ප්‍රශ්නය – 2019 ජනාධිපතිවරණය සඳහා ඔබ සූදානම් නම් කවුද ඔබේ පාර්ශවයේ අපේක්‌ෂකයා…?

පිළිතුර – ඒක තීරණය කරන්නේ අපේ ජනතාව… ඒකාබද්ධ විපක්‌ෂය සහ පොදුජන පෙරමුණ එකතුවෙලා ඒක තීරණය කරාවි.

ප්‍රශ්නය – විමල් වීරවංශ. බැසිල් රාජපක්‌ෂ වගේ පොහොට්‌ටුවේ ප්‍රබලයන් කියලා තිබ්බේ, මහින්ද රාජපක්‌ෂ මහතා තීරණය කරන කෙනාට ඒ අය සහය දෙනවා කියලයි…

පිළිතුර – ජනතාව එක එක අය ගැන මට කියනවා… ඒ සියලු දෙනාට තියෙන්නේ ආණ්‌ඩුව පෙරළන වුමනාවයි. ඒක ඉෂ්ඨ කරන පුළුවන් හොඳම කෙනාට අපි අපේක්‌ෂකත්වය ලබා දෙනවා.

ප්‍රශ්නය – සමහර නීතිඥයන් පවසා සිටින්නේ ඔබට යළිත් වතාවක්‌ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි බවයි. 19 වෙනි සංශෝධනය අතීතයට බලපාන්නේ නැති නිසා, එයින් ඔබේ ජනාධිපතිවරණ අපේක්‌ෂකත්වයට බාධාවක්‌ නැති බවයි පැවසෙන්නේ…

පිළිතුර – එහෙම කියන අයත් ඉන්නවා… නමුත් එහි අවසාන තීරණය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය අතේ… අපිට එහෙම තණ්‌හාවක්‌ නැහැ… අපිට අවශ්‍ය මේ දූෂිත ආණ්‌ඩුව පලවා හරින්න විතරයි. මම ඉදිරිපත් වුණොත් රනිල් වික්‍රමසිංහට ආපහු දුවන්න වෙනවා. ජනතා කැමැත්ත සහ නීතිය ඒක නම් ඒ දේත් වෙන්න බැරි නැහැ…

ප්‍රශ්නය – 2019 ජනාධිපති අපේක්‌ෂකයා තේරීම මත රාජපක්‌ෂ පවුලේ බල අරගලයක්‌ ඇති වී තිබෙන බව සමහරු ප්‍රකාශ කරනවා. අපේක්‌ෂකත්වය ගෝඨාභය රාජපක්‌ෂ මහතාට ලබා දීමට බැසිල් රාජපක්‌ෂ මහතා සහ නාමල් රාජපක්‌ෂ මහතා විරුද්ධ බව සමහරු පවසනවා.

පිළිතුර – ඔය අයම තමයි එක වෙලාවකට අපි ‘සහෝදර සමාගම’ කියලා කියන්නේ. තවත් වෙලාවක අපි එකිනෙකා තරහයි කියන්නෙත් ඒ අයමයි. අපි අතරේ එහෙම කිසිදු තරගයක්‌ හෝ රණ්‌ඩුවක්‌ නැහැ. මෙතැනදී ඒ දේවල් වැදගත් වන්නේත් නැහැ. රාජපක්‌ෂලා විතරක්‌ නෙමෙයිනේ මේ පක්‌ෂයේ ඉන්නේ. තවත් හොඳ චරිත අපිට ඉන්නවා. ආ දැන් චරිත වැඩිවෙලා ඉන්නවා. අනිත් පැත්තේ අයට චරිතයක්‌ නැතුව අඬ අඬා ඉන්නවා…

ප්‍රශ්නය – ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඊළඟ ජනාධිපති අපේක්‌ෂකයා ලෙස රටේ බොහෝ දෙනෙක්‌ සලකන බව පෙනෙනවා…

පිළිතුර – ඔව්… එහෙම මතයක්‌ රටේ තියෙනවා. අපි ඒ ගැනත් සැලකිල්ලක්‌ දක්‌වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =

To Top